-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බෙන්තොට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති ගයාන් සිරිමාන්න මහතා හා නියෝජ්‍ය සභාපති රංජිත් ශ්‍රී ලාල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (28දා) පෙරවරු 10.30ට පමණ ඇති වූ ගුටි කෙළියකින් දෙදෙනාම තුවාල ලබා රෝහල් ගතව සිටිති.

මේ ගුටි කෙළියෙන් නියෝජ්‍ය සභාපති රංජිත් වික්‍රමසිංහ මහතාගේ උඩු ඇන්දේ දතක් ගැලවී තවත් දත් දෙකකට හානි පැමිණ ඇති අතර ඔහු බෙන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහල වෙත යැවීමට කටයුතු යොදා ඇත. මේ පහරදීමේදී ඇති වූ ශාරීරික ආබාධ හේතුකොට ගෙන සභාපති ගයාන් සිරිමාන්න මහතා බළපිටිය මූලික රෝහලට ඇතුළත් වී සිටී.

ඊයේ පෙරවරු 10ට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැති මුදල් කමිටු රැස්වීමේදී විථිලාම්පු කතාවක් දුරදිග ගොස් මේ ගුටිබැට හුවමාරුව වී තිබේ.
රංජිත් වික්‍රමසිංහ මහතා රෝහලේ සිට 'මව්බිම'ට මෙසේ පැවැසීය.

මමත් ජැක්සන් කොට්ටහච්චි මන්ත්‍රිතුමත් උදේම මේ කමිටු රැස්වීමට පැමිණියා. මාස 3කින් පමණ ඉඳුරුව පැත්තේ විථි ලාම්පු හදා නැහැ. මේ දිනවල කඨින පින්කම් පැවැත්වෙන නිසා මට අද (28 දා) දින මේ වැඩ ටික කර දෙන්නැයි සුපවයිසර්ගෙන් ඉල්ලා සිටියා. මගේ වැඩක් කර දෙන්නේම නැහැ. පසුව මම ජැක්සන් මන්ත්‍රිතුමාට කිව්වා, මේ ඊයේ පෙරේදා ආපු කම්කරුවන් සේරම වැඩ කඩාකප්පල් කරනවා කියා. 'චාමර' ගැනයි මං එහෙම කිව්වේ. එයා තමයි වීථි ලාම්පු සවිකිරීම භාරව ඉන්නේ.

මම එයාට ‍ෙදාස් කිව්වා. එයා සභාපතිට කෝල් කරලා ගෙන්වා ගත්තා. ඇයි මගේ මිනිසුන්ට ‍ෙදාස් කියන්නේයි සභාපති කළ ප්‍රශ්න කිරීමේදී කතාබහ දුරදිග ගොස් සභාපති මට පහර දුන්නා. මමත් පහර දුන්නා. මට ගහපු පාරකට මගේ දතක් කැඩිලා තවත් දත් දෙකක් හෙල්ලෙනවා. මෙහෙ ප්‍රතිකාර කරන්න බැරි නිසා නාගොඩ යවනවා කිව්වා.

පහරදීම නිසා මගේ ඇඟපතද රිදෙනව. දැනට මා බෙන්තොට රෝහලට ඇතුළත්ව සිටින අතර මේ ගැන බෙන්තොට පොලිසියටද ගොස් පැමිණිල්ලක් දැම්මා. මගේ ප්‍රදේශයේ ඇති වීථි ලාම්පු අලුත්වැඩියා කරන්නේ නැහැ. මේ ගැන දිගින් දිගටම කතා කරලා කිව්වත් එතැන සිටින සභාපතිවරයාගේ හෙන්චයියකු ඒ වැඩවලට බාධා කරනවා.

මේ පුද්ගලයා තාවකාලික කම්කරුවෙක්. දැන් ඔහුට සුපර්වයිසර් තනතුරක් දීලා. සභාපතිවරයා ඉතා නින්දිත අයුරින් තමයි කටයුතු කරන්නේ යැයිද උප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

මේ පිළිබඳ බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති ගයාන් සිරිමාන්න (එ.ජ.නි.ස.) මහතාගෙන් කළ විමසුමකදී ඔහු මෙසේ කීවේය.
කිසිදු පහරදීමක් වුණේ නැහැ. බහින්බස් වීමක් නම් වුණා. උප සභාපතිවරයා සභාවේ සේවකයකුට පරුෂ වචනයෙන් බැන තියෙනවා. මා උප සභාපතිවරයාට කීවා සභාවේ සේවකයන්ට ඔහොම කතා කරන්න එපා ඒ අයටත් ආත්මගරුත්වයක් තියෙනවා කියලා. එහෙත් උප සභාපතිවරයා ඉතා ආවේගශීලීව හැසිරුණා. ඉතා නින්දිත අයුරින් මටත් බැන්නා. මම නැඟිටලා කිව්වා බනින්න එපා කියලා. ඔහු මට සභාවේ සීිල් ගහන උපකරණයෙන් (ඩේ ස්ටෑම්ප්) පහර දුන්නා.

ආත්මාරක්ෂාව වෙනුවෙන් මා එම පහරදීම වැළැක්වීමට කියා කළා. එහිදී උප සභාපතිවරයා ඇද වැටුණා. ඇද වැටුණු පසුත් මට පහර දීමට උත්සාහ කළා. සභාවේ සේවකයන් මේ ගැටුමට මැදිහත් වී දෙදෙනා දෙපසට කළා. මේ ගැන මාත් බෙන්තොට පොලිසියට පැමිණිලි කොට තියෙනවා. දැනට මා බළපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා යැයිද සභාපතිවරයා කීවේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos