-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රුපියල් දෙදහසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් පවත්වාගෙන ගිය මහා කම්හලක් මාලබේ පොතුඅරාව ප්‍රදේශයෙන් රහස් පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත. මුද්‍රණය කර තිබූ රුපියල් හැත්තෑ ලක්ෂයකට අධික වටිනාකමින් යුතු රුපියල් දෙදහසේ ව්‍යාජ නෝට්ටු තොගයක් සහ මුද්‍රණය කිරීමට සූදානම් කර තිබූ නෝට්ටු තොගයක්ද රහස් පොලිසිය විසින් එම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකාවේදී එකවර අල්ලා ගත් ලොකුම හොර නෝට්ටු තොගය මෙය වේ.
මේ ස්ථානයෙන් දිනකට රුපියල් විසිදහසක් වටිනා ව්‍යාජ රුපියල් දෙදහසේ නෝට්ටු 10ක් පමණ මහජනයා අතරට පත්වී ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා තවදුරටත් කරුණු සඳහන් කරයි.

ව්‍යාජ හොර නෝට්ටු ජාවාරමේ මහ මොළකරු වන උපකාරක පන්ති ගණිත ගුරුවරයකු සහ ඊට ආධාර කළ සැකකරුවන් දෙදෙනකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සැකකරු මීට පෙර රුපියල් 500 - 1,000 ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරීමේ සිද්ධීන් 4කට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතවී සිට පසුගිය ජූලි මාසයේ ඇප මත නිදහස් වී සිටින අයකු බවද හෙළිවී ඇත.

මේ සැකකරුවන් යළි බන්ධනාගාර ගතකිරීමේදී ඇප පනත යටතේ මොවුන්ට නඩුව අවසන්වන තෙක් ඇප නොදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමටද රහස් පොලිසිය තීරණය කොට තිබේ.

ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් මුද්‍රණ යන්ත්‍ර, ලැප්ටොප් සහ පරිගණක යන්ත්‍රය රහස් පොලිසිය මඟින් සොයාගෙන තිබේ.
සැකකරුවන් විවිධ ප්‍රදේශවල සැඟවෙමින් ව්‍යාජ හොර නෝට්ටු ජාවාරමේ යෙදී සිට ඇති බවත් දැනට අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකරුවකු ඒවා මුද්‍රණයට සහාය දී ඇති අතර අනෙක් පුද්ගලයා ඒවා මුදල් කිරීමට සහාය දී ඇති බව රහස් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

නියම රුපියල් දෙදහසේ මුදල් නෝට්ටුවේ බැලූ බැල්මට අසමානකම් ඇති බව රහස් පොලිසිය පවසයි. නියම මුදල් නෝට්ටුවේ මුද්‍රිත රුපියල් 2,000 යන්න සහ ශ්‍රී ලංකා මහ බැංකුව යන කොටස අතගෑමේදී දාර අසුවන නමුදු ව්‍යාජ නෝට්ටුවල එවැන්නක් දක්නට නොමැති බවද රහස් පොලිසිය පවසයි. සැබෑ මුදල් නෝට්ටුවේ සිංහයා අත ඇති කඩුව පැහැදිලිව දර්ශනය වේ. ව්‍යාජ නෝට්ටුවල එය පැහැදිලි නොමැති බවද පොලිසිය පැවැසීය.
මෙම ජාවාරම්කරු ව්‍යාජ හැඳුනුම්පත් සැකැසීමේ ජාවාරමකටද සම්බන්ධ බව හෙළිවී තිබේ. රහස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos