-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලොව දුප්පත්ම ජනාධිපතිවරයා ලෙස හැඳින්වෙන උරුගුවේ රාජ්‍ය නායක ජොසේ මුජිකා පසුගිය එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී සිදුකළ කථාව නිසා ලොව පුරා අවධානයට ලක්වී ඇතැයි වාර්තා වේ.

78 වියැති වාමාංශික මතධාරී ජනපතිවරයා එහිදී පවසන ලද්දේ පැරණි භෞතික නොවන දෙවිවරුන් පරිත්‍යාග කර අප වෙළඳපොළ නමැති නව දෙවියා පිළිගෙන ඇති බවයි.

අපේ ආර්ථිකය, පුරුදු, දේශපාලනය, ජීවිතය ආදී සියල්ලම එම දෙවියන් විසින් පාලනය කරන බවත් ඔහු අපට ක්‍රෙඩිට් කාඞ් හා පොළී අනුපාතික මෙන්ම සතුට ගැන හැගීමක් ලබා දෙන බවත් මුජිකා පවසා තිබේ.

අපට ඇත්තේ නොනවත්වා පරිභෝජනය කිරීම පමණක් බවත් පරිභෝජනය කිරීමට නොහැකි වූ විට තමන් දිළිඳු බවින් පීඩා විඳින බවත් සමාජයෙන් ස්වයංව කොන්වන බවත් ඔහුගේ අදහසයි.

උරුගුවේ ජනාධිපතිවරයා එරට රාජ්‍ය නායකයන්ට ලබාදෙන සුඛෝපභොගී මන්දිරය ප‍්‍රතික්‍ෂෙප කර සෙනෙට් සභිකයකු වන සිය බිරිඳ සමග කුඩා නිවසක දිවිගෙවන බව පැවසේ.

තම වැටුපෙන් 90%ක් සමාජ සුභසාධනයට වෙන් කිරීම නිසා ලොව දිළිඳුම ජනාධිපති යන විරුදාවලිය ඔහු වෙත හිමිව තිබේ.  දිළිඳු යයි තමන් නම් කරන්නේ අතිමහත් අවශ්‍යතාවයන් ඇති පිරිස බවත් එවැන්නන් කිසිදා සෑහීමකට 

පත්නොවන බවත් අල් ජසීරා සමග සම්මුඛ සාකච්ඡවකට එක්වෙමින් ජොසේ මුජිකා පවසා තිබේ.

ඔහුගේ සරල දිවි පැවැත්ම නිසා ඇතැමුන් ජනාධිපති ධුරයට නොගැලපෙන බව ඇතැමුන් පැවසුවද බහුතරයක් උරුගුවේ ජාතිකයන් ආදරය ඔහු වෙත හිමිව ඇති බවද වාර්තා වේ.

මේ අතර මරිජුවානා නීතිගත කිරීම පිළිබඳ යෝජනාවක් උරුගුවේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ඇති අතර සෙනෙට් සභාවේද සම්මත වීමෙන් පසුව උරුගුවේ මරිජුවානා භාවිතය නීතිගත කරන ලොව පළමු රාජ්‍යය බවට පත්වීමට නියමිතය.

මෙය ලතින් ඇමරිකාවට දැඩි අභියෝගයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය කාටල වල ආධිපත්‍යය බිඳ දැමීම සඳහා ඇතැම් නෛතික ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අදහස අත්හදාබැලීමක් බව වාර්තා වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos