-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොටුව මරදාන අතර පිහිටි කප්පිත්තාවත්ත කෝවිල ආසන්නයේ දුම්රිය භූමියේ පවත්වා ගෙන යන කොන්ක්‍රීට් වැඩපළෙහි කාර්ය මණ්ඩලය පාවිච්චි කරන වැසිකිළි පද්ධතියේ මළ නලය කෙළින්ම දුම්රිය ඉඩමට මුදා හැරිමට කටයුතු කිරිම නිසා දුම්රිය සේවකයෝ බරපතල අසීරුතාවයකට පත් ව සිටින බව දුම්රිය සේවකයෝ පවසති. වැසි කාලයන් හි දි මෙම තත්ත්වය බරපතල බවත්, මේ හේතුවෙන් කොළඹ අංගනයේ සහ එස් 9 ධාවනාගාරයේ සේවය කරන සේවකයන්ට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව තිබෙන බව එම වෘත්තිය සංගමයේ සභාපති එස්. පී. විතානගේ මහතා ලක්බිමට කීය.
වැසිදිය සමඟ එස් 9 ධාවනාගාර භූමියට ගලා බසින එම වැසිකිළි මළපහ නිසා අධික දුර්ගන්ධයත්
අපිරිසිදු තාවයත් නිසා රාජකාරි කළ නොහැකි තත්ත්වයට දුම්රිය සේවකයෝ පත්ව සිටින බවත් සඳහන් කළ ඒ මහතා මේ සම්බන්ධව දුම්රිය බලධාරින් දැනුවත් කල ද මේ දක්වා ඒ පිළිබඳ කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැතැයි ද චෝදනා කළේ ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos