රුපියල් මිලියන 7ක මුහුණත අගය සහිත රුපියල් 2000 ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් මාලබේ ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ වැටලීමකදී එම ව්‍යාජ මුදල් නොට්ටු තොගය සොයා ගැනුණු බව ය.
අදාළ ව්‍යාජ මුදල් නෝට්ටුවල අනුක්‍රමණික අංකය ලෙස සඳහන් වන්නේ, P67799159 යනුවෙනි.
එබැවින් රුපියල් 2000 මුදල් නෝට්ටුවලින් ගනුදෙනු කිරීමේදී මෙම අංකය සඳහන්ව ඇත්නම් එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් විය හැකි බැවින්, එය ළඟ ම ඇති පොලිස් ස්ථානයට භාර දෙන ලෙස පොලීසිය උපදෙස් දෙයි.