අන්තරායදායක ලෙස නීතිවිරෝධීව දරුවන් තිදෙනෙකු ඔස්ට්‍රේලියාවට යැවීමේ චෝදනාව මත යාපනය ප්‍රදේශයේ මව්වරුන් දෙදෙනෙකු හා පියෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ජාතික ළමාරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළේ, මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය කළ දැනුම් දීමකට අනුව කළ පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගත් බව ය.
වයස අවුරුදු 12, 15 සහ 16 හැවිරිදි ළමුන් තිදෙනෙකු අදාළ දෙමාපියන් විසින් බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට යවා ඇති අතර ඔවුන් පසුගිය දා ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් පිටුවහල් කරනු ලැබ තිබේ.
ඒ අනුව අදාළ දරුවන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ ළමාරක්ෂක අධිකාරිය භාරයට ගැනිණි.
මේ වන විට ඔවුන් අධිකරණ නියෝගයක් මත ළමා නිවාසයක රඳවා ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ පොලිස් ඒකකය ප්‍රකාශ කළේ ය.
අත්අඩංගුවට පත් දෙමාපියන් පවසන්නේ, තම දරුවන් විදේශගත කිරීම වෙනුවෙන් පුද්ගලයෙකුට ලක්ෂ දෙක බැගින් ලබා දුන් බව ය.