ඉකුත් වසරේ සිට මේ දක්වා කාලය තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැරදි කළ රියදුරන් 15804 දෙනෙකුට නඩු පවරා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කර ලබන මස 27 වන දිනට වසර දෙකකි. එදින සිට ඉකුත් 30 වැනි දින දක්වා මෙම මාර්ගයේ මාරක රිය අනතුරු 10ක් සිදුවී ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 13කි.
රථ වාහන වැරදි වැඩිම සංඛ්‍යාව සීමාව ඉක්මවා අධික වේගයෙන් රිය පැදවීම හේතුවෙන් සිදුවූ ඒවා බව ද පොලිස් අධිකාරීවරයා කීය.
වැරදි කළ රියදුරන් 11226 දෙනෙකුට මෙම වසරේ ගතවූ මාස 9 තුළ නඩු පවරා ඇත.