BMPoC නම් වූ Hackers ලා කණ්ඩායමක් විසින් ඇමරිකාවේ ජාතික ගුවන්ගමන් හා අභ්‍යවකාශ පරිපාලන ආයතනයෙහි (NASA – National Aeronautics and Space Administration) වෙබ් අඩවි 14ක් Hack කර තිබෙනවා. BMPoC කණ්ඩායම විසින් NASA හි sub-domains විකෘති කරමින් යුද්ධයට බලවත් විරෝධය පළකරමින් පණිවිඩ සටහන් කර තිබෙනවා.
Ames Academy for Space Exploration, The NASA Lunar Science Institute, The Arctic Mars Analog Svalbard Expedition, The Kepler Mission, The Office of Planetary Protection, Virtual Astrobiology, සහ Moon Fest 2009 යන වෙබ් අඩවි Hack වූ NASA හි sub-domains අතරට එක වෙනවා.අනිකුත් Hack කිරීමට ලක්වූ sub-domains වන්නේ NASA ආයතනය විසින් විවිධ අවස්ථා සඳහා භාවිතා කල Recruitment සහ The International Lunar Network යන වෙබ් අඩවි යි.
BMPoC Hackers කණ්ඩායම විසින් Hack කල වෙබ් අඩවි වල මෙලෙස සඳහන් කර තිබුනා.
Stop spy on us. The Brazilian population do not support your attitude! The Illuminati are now visibly acting! Obama heartless! Inhumane! You have no family? The point in the entire global population is supporting you. NOBODY! We do not want war, we want peace!!!
මේ වන විට NASA ආයතනය විසින් මෙලෙස විකෘති වීමට ලක් වූ වෙබ් පිටු Hack වූ වෙබ් අඩවි වලින් ඉවත් කර තිබෙනවා.