කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය බලධාරීහු ව්‍යාජ ලියාපදිංචි අංක යෙදූ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලබානොගෙන අලෙවි කරන ලද පානීය ජල බෝතල් තොගයක් අද (11) අත් අඩංගුවට ගත්හ.
මෙම සොයා ගැනීම් සිදුකරන ලද්දේ පිටකොටුව බැස්ටියන් මාවතේ වෙළඳසැල්වල සිදුකළ වැටලීමකදීයි. නරක් වූ පළතුරු තොගයක්ද එහිදී හමුවූ බව කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප‍්‍රදීප් කාරියවසම් මහතා පැවසීය.
මෙම ජල බෝතල් අයිතිකරුවන්ට මෙන්ම ව්‍යාජ අංක යොදා බෝතල් නිෂ්පාදනය කළ අයට විරුද්ධව නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පැවසූවේය බස් රථවල ගම්බිම් බලා පිටත්ව යන මහජනතාව වෙත විවිධ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සාමාන්‍යයෙන් සිදුවන බැවින් තමා විසින් මිලදී ගන්නා ආහාර ද්‍රව්‍ය පිළිබඳව වඩාත් විමසිල්ලෙන් කටයුතු කරන මෙන් කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී. (Info Dept)