අද මේ රටේ පවතින්නේ ජයවර්ධන ව්‍යවස්ථාව නොවන බවත්, 18 වතාවක් වෙනස් කොට තිබෙන වන ව්‍යවස්ථාවක් බැවින් එය මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථාව ලෙසින් නම් කළ හැකි බවත්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල් කාන්ත මහතා පැවසීය.
එසේ පැවසුවේ, ගාල්ල ක‍්‍රීඩා මණ්ඩප ශ‍්‍රවණාගාරයේදී පැවති ජන හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද අදහස් දැක්වීය.
ශ‍්‍රී ලාංකිකයන් අතීතයේ සාමයෙන්, සහජීවනයෙන්, එකමුතුකමිනුත් සිටියා. නමුත් කළු ජූලියේදී එය නැති කරමින්, ජාතීන් අතර අසමගිය ඇති කළා. මේ සියල්ලගෙම ප‍්‍රතිඵලය වුණේ ඊළාම් ජාතිවාදයට පසුතලය ඇති කිරීමයි. ඒ සදහා සියලූම ජාතිවාදීන් වගකිව යුතු වෙනවා. දැනට කි‍්‍රයාත්මක කෙරෙන දෙමළ ඩයස්පෝරාව කියන්නෙත් මේ ඊළාම් ජාතිවාදී එක් පිරිසක්.
යුද්ධයෙන් ජනතාවට අහිමුවූ දේවල් ලබාදිය යුතුව තිබෙනවා. සමස්ත රටටම එකී අහිමි වුණ දේ ලබා දිය යුතුයි.මේ දක්වා ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථව 18වතාවක් වෙනස් කොට විසදුම් සෙවීමට කටයුතු කළත්, මේ දක්වා එය ඉටු වී නෑ.
මේ සන්ධාන ජාතිවාදී ආණ්ඩුවට රටේ ජාතික සමගිය ඇති කිරීමට හැකියාවක් නෑ. ආණ්ඩුව ජාතික සමගියට කටයුතු කරන්නේ නෑ. මේ රට සියලූ දෙනාටම අයිතියි. එක ජාතියකට පමණක් විශේෂ වරප‍්‍රසාද දෙන්න බෑ. විශේෂ බලතල උතුරටත් බෑ, දකුණටත් බෑ. ජාතික සමගිය ඇති කරන්න එහෙම බලය දීලා බෑ. ඉඩම් බලතල ලබාදිය යුත්තේ ජනතාවටයි.
අද රට තුළ ඇති වී තිබෙන අසමානතාව සදහා විසදුම් ලබා දීමට හා සෑම තැනකටම සංවර්ධනය සමව ගෙන ඒම සදහා අප ජන සභා ක‍්‍රමය හදුන්වා දී තිබෙනවා. මේක මරු ආණ්ඩුවක්. මරේ මරු ආණ්ඩුවක්.ජාතික සමගිය ගොඩනගන්න බැරුව ආගම්වාදී ජාතිවාදය පෙන්වමින් ආණ්ඩුව රට කරවනවා. මහා ජාතිවාදීන් සුළු ජාතිවාදීන් කියමින් පක්ෂ හා ජාතීන් වශයෙන් කටයුතු කරනවා. මෙහෙම කරන පාලකයන්ට රටේ ජාතික සමගිය ඇති කරන්න බෑ.මේ සදහා තමයි ජාතික සභා ඇති කරන්නේ. ඒ තුළින් මේ විෂමතාවට විසදුමක් ලැබෙනවා.රට පුරා සමානාත්මතාව ඇති වෙනවා.ජාතික සභා මතින් ඇති කර ගන්නා වූ එකගතාව මත ඒ තුළින් පත්කර ගන්නා නියෝජිතයින් පාර්ලිමේන්තුවට යැවීම තුළ ජනතාවගේ ප‍්‍රශ්න විසදේවා.
යුද්ධයෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට යෝජනා 17ක් ඉදිරිපත් කළා. ඒවා කි‍්‍රයාත්මක කළා නම් කිසිදු ජාත්‍යන්තර බලපෑමක් සිදුවන්නේ නෑ. එය ඉටු නොකළ නිසා අද ප‍්‍රශ්න ඇති වෙලා. මේ රටේ ජාතිවාදය මගින් පාලකයෝ රට පාලනය කරනවා. මේ ආණ්ඩුව ජාතිවාදී ආණ්ඩුවක්. ජනාධිපතිවරයා අමුම අමු ජාතිවාදියෙක්. ජනතා අදහස් නොමැතිව, ජනතාවගේ සම්පත් උවමනා ආකාරයට භාවිත කරමින් වැඩි කාලයක් හිස මත ඔටුනු පළදා බලයේ සිටීම තමයි රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අරමුණ”