සිය හැවිරිදි යාචක කාන්තාවකට කෙසෙල්වත්ත මිහිඳු මාවතේ දී අතවර කළ 49 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලීසිය කියයි.
ඉකුත් දින අලූයම මෙම කාන්තාව මිහිඳු මාවත මහල් නිවාස පියගැටපෙළේ නිදා සිටිය දී සැකකරු මෙම කාන්තාවට අතවර කොට ඇති අතර කාන්තාවගේ කෑගැසීම ඇසුණු අවට සිටි පුද්ගලයකු මේ පිළිබඳව පොලීසියට කළ දැනුම් දීමක් මත එම ස්ථානයට පැමිණි පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු 49 හැවිරිදි නාටාමි කෙනෙකු බවත් සිද්ධිය වන අවස්ථාවේ ඔහු බීමතින් සිටි බවත් පොලීසිය පවසයි.