-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත චැම්පියන්ස් ලීග් විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටින පාකිස්තානයේ ෆයිසලාබාද් වොල්ව්ස් කණ්ඩායමට ඉන්දියාවට ඇතුළුවීම සඳහා වීසා ලබා නොදීමට ඉන්දියාව තීරණය කර ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් මේ පිළිබඳ ඊයේ සවස් වන තුරුත් නිල නිවේදනයක් නිකුත් කිරීමට ඉන්දියානු රජය හෝ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු යොදා නොතිබිණි.

චැම්පියන්ස් ලීග් විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය ලබන අඟහරුවාදා (සැප්තැම්බර් 17දා) ආරම්භ වීමට නියමිතව ඇතත් පාකිස්තානය හා ඉන්දියාව අතර වර්තමානයේදී පවතින විරසකභාවය නිසා මෙසේ වීසා ලබාදීම ප්‍රතික්‍ෂේප කිරීමට ඉන්දීය රජය තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ. තවද ඉන්දීය රජය මෙවන් තදබල තීරණයක් ගැනීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දෙරට අතර දේශසීමා අරගලයට අදාළව පවතින සටන් විරාමය මෑත කාලයේදී පාකිස්තානය වෙතින් උල්ලංඝනය වීම බවද පැවැසේ.
එබැවින් රට තුළ ආරක්‍ෂක තත්ත්වය හා සුරක්‍ෂිතභාවය රැක ගැනීමට පෙර සූදානමක් ලෙස මෙසේ පාකිස්තාන් ක්‍රිකට් කණ්ඩායම්වලට රට තුළ සංචාරය කිරීමට කොළ එළියක සංඥාවක් ලබා නොදීමද ඉන්දීය රජයේ අදහසයි.

මේ අතර චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ මූලික වටයේ තරග තවත් දින 4 කින් ආරම්භවීමට නියමිතව ඇතත් මේ හේතුව නිසා ‘ෆයිසලාබාද් වොල්ව්ස්’ කණ්ඩායමට තරගාවලියට සහභාගිවීමෙන් වැළකී සිටීමට සිදුවනු ඇත. තවද චැම්පියන්ස් ලීග් තරගාවලිය සඳහා පාකිස්තානය නියෝජනය කරන එකම කණ්ඩායම වන වොල්ව්ස් කණ්ඩායමේ නායකත්වය දරන්නේ එරට ජාතික කණ්ඩායමේ නායක මිස්බා - උල්-හක් විසින් වීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් චැම්පියන්ස් ලීග් විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් කඳුරට මෙරූන්ස් කණ්ඩායම හෙට (14දා) අළුයම ශ්‍රී  ලංකාවෙන් පිටත්වීමට නියමිතය. කඳුරට මෙරූන්ස් කණ්ඩායම චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ප්‍රථම තරගයට හයිද්‍රාබාද් සන්රයිසර්ස් කණ්ඩායම සමඟ 17දා සහභාගි වන අතර කඳුරට පිලේ දෙවැනි තරගය ලෙස ඔටාගෝ පිල සමඟ තරගවදින්නේ 18 දාය. කෙසේ වෙතත් කඳුරට පිලේ තුන්වැනි හා අවසාන සුදුසුකම් ලැබීමේ වටයේ තරගයේදී ලබන 20දා හයිද්‍රාබාද් වොල්ව්ස් පිල හමුවීමට නියමිතව ඇතත් මෙම තත්ත්වය යටතේ එම තරගයෙන් නිතරග ජයක් කඳුරට මෙරූන්ස් පිලට හිමිවනු ඇත. ඉන්පසු ඔක්තෝබර් 6දා නිමාවන තරගාවලියේ කාණ්ඩ තරග ආරම්භ වන්නේ සැප්තැම්බර් 21දාය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos