-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරන සිසුවකු පැහැරගෙන ගොස් මරණීය තර්ජන එල්ල කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවකු රුපියල් දහසක මුදල් හා රුපියල් පනස් දහසක් වටිනා ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා නියෝග කළේය.

එසේ ඇප මත මුදාහැරුණේ මහරගම ප්‍රදේශයේ පදිංචි බව කියන පුද්ගලයෙකි.පැමිණිලිකාර සිසුවා මහරගම පොලිසියට සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තමන් මාස 7ක පමණ කාලයක සිට කොළඹ ප්‍රදේශයට ආසන්න පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටින බවත්, එම කාලය තුළදී හඳුනාගත් පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරියක් සමඟ ඇසුරක් පැවැත්වූ බවත්, ඇය එම ප්‍රදේශයේ රූපලාවණ්‍ය ආයතනයක්ද පවත්වාගෙන යන බවත්ය.

පැමිණිලිකාර සිසුවා සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් තවදුරටත් පොලිසිය හමුවේ පවසා ඇත්තේ පසුගිය දිනෙක තමන් කඩුවෙල තම හිතවතකුගේ නිවෙසේ සිටින විට තමන් ඇසුරු කරන ගුරුවරිය තමන්ට දුරකතන ඇමතුමක් ලබාදී රූපලාවණ්‍ය ආයතනය අසලට පැමිණෙන ලෙස කළ දැනුම්දීමකට අනුව එහි ගිය බවත්, ඒ අවස්ථාවේ ගුරුවරිය සමඟ ත්‍රීවීල් රථයක පැමිණි පුද්ගලයකු තමාට මරණීය තර්ජන එල්ල කරමින් පැහැරගෙන ගොස් ඒ බව කිසිවකුට නොපවසන ලෙස දැන්වූ බවත්ය.

තමාව එසේ පැහැරගෙන ගොස් මරණීය තර්ජනය එල්ල කළේ තමන් ඇසුරු කරන ගුරුවරියගේ ස්වාමියා බව දැනගැනීමෙන් පසු තමන් ඒ පිළිබඳ මහරගම පොලිසියට දැනුම් දුන් බවද ඔහු පොලිසියට පවසා තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos