මෙරට සෑම කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් ජීවිතයේ කවදා හෝ විශාදය නැමැති මානසික රෝගයට ගොදුරු වන බව මානසික අධිකරණ වෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. සියදිවි නසා ගැනීමට පෙළඹෙන පුද්ගලයින් කුමන හෝ මානසික රෝගී තත්තවයකින් පෙලෙන බව කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය. වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ හෙට අඟහරුවාදා (10) ට යෙදෙන ලෝක සියදිවි හානි කර ගැනීම වැළැක්වීමේ දිනය නිමිත්තෙන් අද සඳුදා (09) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකදීය.
ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීමට පුද්ගලයින් සියදෙනෙක් සිතන අතර ඉන් දහදෙනෙක් උත්සහ කරන අතර එක් පුද්ගලයෙක් සිය දිවි නසාගන්නා බවද වෛද්‍යවරයා පෙන්වා දේ. සමාජ ආපදාව, බලාපොරොත්තු කඩවීම, මනා අවබෝධයක් නොමැති වීම, දෙමව්පිය රැකවරණය නොලැබිම, වැනි හේතු කාරණා විශාල වශයෙන් සියදිවි නසා ගැනීමට හේතු වෙන බවද හෙතෙම අවධාරණය කළේය. මේ වන විට රට තුල සියදිවි නසා ගැනීම සියයට 11.5ක් දක්වා අඩුවී ඇති අතර එය සියයට බිංදුව දක්වා අවම කිරීම රජයේ ඉපලක්කය වී ඇතැයිද පැවසේ.
ශ්‍රියානි විජේසිංහ