සිව් හැවිරිදි සිය පිරිමි දරුවා වෙඩි තබා ඝාතනය කිරීමට කොන්ත‍්‍රාත්තුවක් ලබාදීමේ චෝදනාව මත මරණ දඬුවම නියමව සිටි ඇමෙරිකාවේ, ඇරිසෝනා ප‍්‍රාන්තයේ මවක් ප‍්‍රාන්ත අධිකරණය විසින් නිදහස් කර තිබේ.
1993 වසරේ මෙලෙස රක්ෂණ සමාගමකින් ලැබිය යුතු රක්ෂණ හිමිකමක් ලබාගැනීම සඳහා සිය පිරිමි දරුවා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බවට මෙම මවට චෝදනා එල්ල වී තිබිණ.
වසර 20 ක් සිරගතව සිටි මෙම මව සාක්ෂි ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් මුදා හැරීමට ඇරිසෝනා ප‍්‍රාන්ත අධිකරණය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.