ආණ්ඩු විරෝධී දේශපාලන ක්‍රියාමාර්ගයක් පිළිබඳ රහස් සාකච්ඡාවක නිරතව සිටින ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිපදෙනෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් වෙත රජයේ දැඩි අවධානය යොමු වී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය කැබිනට් මණ්ඩල සංශෝධනයේදී තමන්ට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ධුර දීම සම්බන්ධයෙන් ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුව කෙරෙහි කලකිරීමකින් පසු වූහ. ඔවුන් මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ද සාකච්ඡා කර තිබුණි.
තවදුරටත් ආණ්ඩුවේ සිටීමෙන් තමන්ගේ දේශපාලන අනාගතයට ගැටලුවක් මතු වන නිසා වෙනත් පාර්ශ්වයක් සමග දේශපාලන ගමනක් යාමට ඔවුන් අදහස් කර ඇතැයි සඳහන් වේ. ඉදිරි මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා නොලැබෙනු ඇතැයි ද ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් අතර පැනයක් ඇති වී තිබෙන බව දැනගන්නට ලැබි ඇත. මොවුන්ගේ මෙම දේශපාලන තීරණයේ දී ප්‍රසිද්ධ හිමිනමක් මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කමණි හෙට්ටිආරච්චි