සුජානි පුංචි කාලෙ ඉඳලම සතෙන් සතේ එකතු කරන හැටි කියලා දුන්නා ඊට පස්සේ අපිට පුංචි සුජානි මේනකා ටෙලි නාට්‍ය තුළත් සිනමාව තුළත් මුණගැහෙනවා. සුජානි නිදහස්ව චරිත තුළ ජීවත්වන ශිල්පිණියක්. ඇය සම්මානයට පාත‍්‍ර වූ රංගන ශිල්පිණියක්.
ජීවිතය,ආදරය අපි කාටත් පොදු කාරණා.නමුත් මේ දේවල් අතර ජීවිතවලට දැනෙන බොහෝ වෙනස්‌කම් තිබෙනවා . මේ වෙනස්‌කම් ගැන සුජානි ප‍්‍රකාශ කරලා තියෙන්නෙ මේ ආකාරයෙන්.
පවුලේ වැඩිමහල් දරුවා හැටියට අවුරුදු හයක් යනකම් ඒ කියන්නේ නංගි අපේ පවුලට එකතුවෙනකම් උපරිම ආදරයක් ලැබුවා.දෙමාපියන් අතරේ විතරත් නොවෙයි නෑදැ හිතවතුන් අතරත් ලොකු පිළිගැනීමක් තිබුණා.දෙමාපියන් ජීවත්වුණු ඒ සරළ දිවි පෙවෙත නිසා වගේම කලාකරුවෙක් ලෙසට තාත්තගේ රැකියාවේ තිබුණ අස්‌ථිර භාවය නිසාත් මගේ කුඩා කාලයේදී දුකත් සැපත් එකසේ වින්දා.
නංගි පවුලට එකතුවෙන කාලෙ වෙද්දි මම මටත් නොදැනුවත්වම රංගන ශිල්පිණියක් ලෙසට මුදල් ඉපැයූවා. ඒ නිසා නොතේරෙන කාලේ ඉඳලම වගකීම් කියනදේ මගේ කර මතට වැටෙන්න පටන් ගත්තා.
පාසලේදී තරමක් ලොකු පන්තිවලට එද්දි නිදහස කියන දේ මගේ ජීවිතයට ලැබුණේ ගොඩක්‌ම අඩුවෙන්. පාසල් ගියත් ඒ වෙනකොට රටේ බොහෝ දෙනෙක් මාව දන්නා හඳුනන නිසා ප්‍රේම සම්බන්ධතාවලට යෝජනා ගලාඑන්න ගත්තා. ඒත් අම්ම තාත්තගෙ හිතට දුකක් දැනෙයි කියලා, ලොකු බයක් හිතේ තිබුණා. ඒත් පන්තියෙන් හොරෙන් පැනලා යාළුවෝ එක්‌ක කරපු හොරවැඩත් නොතිබුණා නොවෙයි. මට මතකයි යාළුවන්ගේ ආදර කතාවලට මම උදව් කරපු හැටි.නමුත් මටත් එහෙම දෙයක් ඕන කියන තැන මම හිටියෙ නැහැ.
ඇත්තටම පිරිමි ළමයෙකුට හිත ගිහිල්ලම නැද්ද?
මම හිතින් කැමතිවෙලා හිටිය පිරිමි ළමයි කීපදෙනෙක් හිටියා. ඒ අය අතරින් හිතට වැදුණු කෙනෙක් හිටියා. නමුත් ඒ සියලු රහස් තොරතුරු කතා බහ කළේ මගේ හිතයි මගේ යාළුවෝ අතරයි විතරයි.

බිමල්ගේ හමුවීම ජීවිතේ ආදරයට පෙරළුවේ කොහොමද?
මගේ ජීවිතේ සමහර දේවල් හැරුණු කොට අනිත් සියලුම දේ එහෙම පිටින්ම කනපිට පෙරළුණා. ඇත්තටම මගේ ජීවිතේ ආදරයේ හරි වැරදි දැන හඳුනගත්තේ බිමල්ගෙන්. මම විවාහ වුණාට පස්‌සේ තමයි තේරෙන්නෙ අපි ආදරේ කරපු අවුරුදු හතරෙදී සමාජයේ සිදුවන දේවල් ඔස්‌සේ බිමල් මාව එතරම් පරිස්‌සම් කළේ අද මාව මෙතනට ගේන්න කියලා.අම්ම තාත්තගෙන් පස්‌සේ මගේ ජීවිතේ සියලු දේ දන්න එකම කෙනා තමයි බිමල්ග ඒ ආදරය නිසා අද මම සාර්ථක බිරිඳක් වගේම ගෘහණියක් තැනට පත්කරලා තියෙනවා.

යම් කිසි දවසක විරහ වේදනාවක් ඔබට දැනුණොත්?
මම සාමාන්‍ය ප්‍රශ්නවලදී තරමක් කඩා වැටෙන කෙනෙක්. බිමල් තමයි ඒ හැම අවස්‌ථාවකදීම මාව නැගිට්‌ටවලා ගන්නේ. මොනයම් හෝ විදිහකින් එවැනි අත්දැකීමක් ලබන්න සිදුවූණෙත් අනෙක් කෙනාට මගෙන් නම් කරදරයක් වෙන එකක් නැහැ. මොකද අපේ ක්‍ෂේත්‍රයේ බොහෝ අය මෙවැනි සිදුවීම් හරහාත් ලොකු ප්‍රසිද්ධියක් ගන්න බලනවනේ. මට හිතෙන දෙයක් තමයි මගේ පෞද්ගලිකත්වය පිටට යා නොදී පවුලේ අය විතරක් දැනගත යුතු දෙයක් කියන එක. ඒ නිසා විරහ වේදනාවක් දැනෙන කොයිම මොහොතකවත් හැඟීම්වලට ඉඩ නොදී බුද්ධියෙන් ඒ දෙවල්වලට විසඳුම් සොයා ගත යුතුයි.