-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉකුත් 20 වන දින අලූයම කාලයේදී බම්බලපිටිය රාත‍්‍රී සමාජ ශාලාවක් තුළදී නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ පුතකු ඇතුළු පිරිසක් තරුණයකුට පහරදී ඇතැයි  වාර්තා වේ.
පහර කෑමට ලක්වූ තරුණයා  සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කොට නොමැති අතර මෙම නියෝජ්‍ය ඇමතිවරයාගේ පුතා සමග තවත් හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ පුතකුද සිට ඇති බව ද වාර්තා වේ.
බහින්බස් වීමක් දුරදිග යාමෙන් පිරිස මෙම තරුණයාට පහර දී ඇති බවත් සමාජ ශාලාවේ සේවකයන් සහ ආරක්ෂක නිලධාරීන් එක්ව ගැටුම සමථයකට පත් කර ඇති බවද කියති.
සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය  පොලීසියෙන් කළ විමසුමක දී එහි ප‍්‍රකාශකයකු පැවසූවේ මෙම පහරදීම සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් පොලීසියට ලැබී නොමැති බවය.
සිද්ධියට සම්බන්ධ නියෝජ්‍ය අමාත්‍ය පුතා රාත‍්‍රී සමාජ ශාලාව තුළ දී පුද්ගලයන්ට පහර දීමේ සිද්ධීන් කීපයක්ම සම්බන්ධයෙන් මීට පෙර ද චෝදනා එල්ල වී සිටින්නකු බව ද සදහන්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos