-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශිරාන් රණසිංහ

යතුරුපැදි ලියාපදිංචි කළ දත්ත උපයෝගී කරගෙන සුඛෝපභෝගී හා එකලස්‌ කරන ලද වාහන ලියාපදිංචි කිරීමේ මහා පරිමාණ ජාවාරමකින් මෝටර් රථ දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි ගණනක්‌ අහිමි වී ඇති බව රජයේ විගණන පරීක්‍ෂණයකින් හෙළිවී ඇත.
වාහන ආනයනය කරන සමාගම් කීපයක්‌ සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්‌ දිගු කාලයක සිට මෙම ජාවාරම සිදුකර ඇති බව හෙළිවී තිබේ.

විගණන විමසුම් අංක ඒබී/එන්/ඩීඑම්ටී/ ඩීඊ/202/25 යටතේ කළ විගණනයේ දී හෙළිවී ඇති කරුණු අනුව ඨග්‍යගJග යන ඉංග්‍රීසි අක්‍ෂර යටතේ යතුරුපැදි ලියාපදිංචි කර එම පරිගණක දත්ත සූක්‍ෂමව වෙනස්‌ කර නීති විරෝධීව මෙරටට ගෙන එන නවීනතම වාහනවලට ඇතුළත් කර මෙම වංචාව කර ඇති බව විගණනයේ දී හෙළිවී ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරියකු "දිවයින" ට පැවසීය.

ඨග්‍යගJග යන ඉංග්‍රීසි අක්‍ෂර යටතේ ලියාපදිංචි කර ඇති වටිනාකමින් අඩු වාහනවල පරිගණක දත්තද සූක්‍ෂමව වෙනස්‌ කර නීති විරෝධීව මෙරටට ගෙන්වන වාහනවල විස්‌තරද පරිගණක ගතකර ලියාපදිංචි කර ඇතැයි හෙළිවී ඇත. මීට අමතරව මෝටර් වාහන ලියාපදිංචි කිරීමේදී දෙපාර්තමේන්තුව මඟහැරී ඇති අංකද මෙලෙස නීති විරෝධීව ගෙන්වන වාහනවල දත්ත ලෙස පරිගණක ගතකර තිබියදී රජයේ විගණනයේ දී අනාවරණය වී ඇත.

එලෙස මඟහැර තිබූ අංක සඳහා රේගු බදු නොගෙවා ආනයනය කර තිබූ වාහන විසි හයක්‌ ලියාපදිංචි කර තිබියදී රජයේ විගණනයට නිරීක්‌ෂණය වී ඇතැයිද මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ එම නිලධාරියා කියා සිටියේය.

32, 64, 65, 60, 61, 62 යටතේද නීති විරෝධීව ආනයනය කරන ලද වාහන ලියාපදිංචි කර තිබියදී රජයේ විගණන නිලධාරීන්ට නිරීක්‍ෂණය වී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos