හිටපු කොටි ජෝඩු හතරක් එකම දවසේ විවාහ කිරීමේ උත්සවයට සහභාගි වූ ආරාධිත අමුත්තන් ප්‍රමාණය 4500 ක් වෙන අතර එය ශ්‍රී ලංකාවේ විශාලතම පිරිසක් සහභාගි වූ විවාහ මංගල්‍යය බව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කිලිනොච්චිය හා මුලතිව් ඒකාබද්ධ අණදෙන නිලධාරි ඩබ්ලිව්. ඩබ්ලිව්. රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
විවාහ වූ කොටි ජෝඩු හතරෙන් ඉතාමත් කොට ජෝඩුවේ මනාලයා කොටි සංවිධානයේ රාධා බළකායේ ගබඩා සහ සංනිවේදනකරු ලෙස ක්‍රියාකර ඇති අතර මෙම ජෝඩු හතරටම රැකියා ලබාදී පිටත් කර යෑවූ බවද රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මහා විවාහ මංගල්‍ය උත්සවයට ඇරයුම් ලැබූ පිරිසට අමතරව තවත් විශාල පිරිසක් සහභාගි වී තිබේ.
මේ අනුව මෙම මංගල්‍යය ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලතම මංගල්‍ය උළෙල වනු ඇතැයිද රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
කොටි ජෝඩු හතරේ මඟුලට 4500ක් ඇවිත්
2013-09-22T07:22:00+05:30
Janith
local|Local news|





