නදීෂා හේමමාලි සම්බන්ධ පුවතක් හොඳින් විකිණිය හැකි බව බොහෝ දෙනොගේ අදහසය .ඇය පවතින සාමජයේ පහසුවෙන් අවධානයට ලක්වෙන තරුණ ,රූමත් ,දගකාර රංගන ශිල්පිණියකි .
ඇය හිටපු ගමන් ප‍්‍රකාශ කරන ප‍්‍රකාශ තරමක් ආන්දොලනාත්මකය. එමෙන්ම විටෙක විවෘතය .මේවා පිළිබඳව විවිධ අයට විවිධ අදහස් මතවාද තිබෙන්නට පුළුවන. එහෙත් නදීෂා ,නදීෂාට හරියි කියා හිතෙන දේ කරයි. එය හිතුවක්කාරකම දැයි අපි නොදනිමු .සමාජය එසේ කියයි .ඒ නිසාම නදීෂා විවිධ පේ‍්‍රම සම්බන්ධතා වලට පැටලෙයි .ඒවායින් මිදෙයි නැවත පැටලෙයි. ඒ නිසා හිත් වේදනා විඳියි .නිහඬව කාලයක් විවිධ කටයුතු කරමින් සිිටියි. මේ සියළු දේ මත ඇයගේ ජීවිතයේ තවත් අළුත් කතාවක් මේ වනවිට පැතිර යමින් පවතී .ඒ ඇගේ සංක‍්‍රාන්තියක් පිළිබඳවය .නදිෂා මේ සංක‍්‍රාන්ත‍්‍රි යේ සිය පෙම්වතා ගෙන් ගැබ්ගනී.
එය සිදුව ඇත්තේ මේ වසරේ අගෝස්තු මස දී පමණය. ඒ සිදුවීම පිළිබඳ ඇත්ත කතාව මෙසේය
කර්තේලිස් ගූරුන්නාන්සේ ගමේ සුප‍්‍රකට යකැදුරකි. ඔහුගේ පුත් විෂ්ණ ගමේ කුලවන්තයකු වූ ආරචිචිලගේ වැඩිමහල් දියණිය කුමුදුලතා (නදීෂා හේමමාලි )සමග පේ‍්‍රමසම් බන්ධයක් ඇතිකරගනී.
කුමුදුලතාගේ ඇවැස්ස මස්සිනා වන ශක්ති මේ හේතුවෙන් විෂ්ණ සමග දැඩි වෛරයෙන් පසුවෙයි. කුලහීන තරුණයකු වන විෂ්ණ සහ කුලවන්තයකූ වු ශක්ති ගමේ පොදු ප‍්‍රශ්ණ වලදී දෙපිලකට බෙදි අරගල කරයි. ගුරුන්නාන්සේ රලු මිනිසකූ වුවද තම පුතාට අසීමිතව ආදරය කරයි.
මේ අතර හදිසියේ තරුණ විෂ්ණ වෙඩි වැදි මියයයි .ඔහුගේ පියාවන ගූරුන්නාන්සේ මෙයින් දැඩි කම්පනයට පත්වෙයි. හොදින් අධ්‍යාපනය හදාරා ඇති විෂ්ණ පිළිබදව මහත් බලාපොරොත්තූවෙන්සිටි ඔහු තම කම්පනය යටපත් කරගනිමින් සිය ශාස්ත‍්‍රයෙන් ප‍්‍රයෝජන ගැනීමට අධිටන් කර ගනී. ඔහු සතූවඇති මළමිනීවලට පණ උපද්දන මන්ත‍්‍ර ශාස්ත‍්‍රය උපයෝගී කරගෙන තම පුතාව පණගැන්වීමට උත්සාහකරන්නේ තමපුතූට ඇති අසීමිත ආදරය නිසාවෙන්මය. මෘතශරීරය එම්බාම් කිරීම මරණ පරීක්‍ෂණ පැවැත්වීම සිය පණගැන්වීමේ වැඩපිළිවෙලට බාධාවක් බව දන්නා ගූරුන්නාන්සේ ග‍්‍රාමසේවක සහ මල්ශාලාව ඒ කටයුතූවලට තමන්ට අවශ්‍ය අකාරයට පොළඹවා ගනී ඔහු රහසිගතව මෘතශරීරය කාමරයකටදමා වසා මිනීපෙටීටිය පමණක් ගම්මුන්ට පෙනෙන්නට වලදමයි.
විෂණගේ මරණය ඔහුගේ පෙමවතියවන කුමුදුලතාට තදින් දැනේ එය ඇසුසැනින් ඇයඅමුතූ මප‍්‍රතිචාරයක් දක්වයි. ඇය නොහඩ යි. ඇයගේ මානසිකත්වය වෙනස්වෙයි. මානසික අවපීඩණයක ලක්‍ෂණ ඇය තූළින් දිස්වෙයි. මිය ගිය විෂ්ණ ඇයට සජීවීව පෙනෙන්ට පටන් ගනි .ඔහු ඇයගේ කාමරයට එයි ඇය හමුවෙයි. ඇය හා කතාකරයි. ඔහු මියගිය බව ඇය දැන් නොපිළිගනි. ඇය සතුටින් ඔහු හා කතාබස්කරයි.
මේ අතර විෂ්ණගේ මරණය වෙඩිතැබීමකින් සිදු වුවක් බව ගුරැන්නාන්සේ ගමට වසන්කරයි .ඔහු සර්පයකූ දෂ්ට කර මිය ගොස් ඇති බව ප‍්‍රචාරයකරයි. ඔහුගේ පණගැන්වීමේ කටයුතූවලට පහසුවන නිසාය ඔහුට සහායවන්නේ පෑතැටියාන නම් ඔහුගේ හිතෛෂිවන්තයාය.
ගුරුන්නාන්සේ මෘත ශරීරය අසල හිද මැතිරීමට පටන්ගනී. එය ඔහුගේ නිවසේ කාමරයක ඉතා රහසිගතව සිදුවේ මිනිය නරක්වීම වැලැක්වීමට ඔහු ඉපැරණි කෙම්පහන්ක‍්‍රම කල බව කියයි. ගුරුන්නාන්සේගේ නිවසෙහි යසවතී නම් ගොලු ගැහැණිය ක වාසයකරයි .ඇය මේ සියලු දේ බලාසිටියද ගොලුනිසා මෙම රහස රැකගැනීමට පහසුවේ. ආරචිචි බිරිඳ හා බාලදියණිය මානෙල්ලතාට ආරච්චි වලව්ව තූළ කිසියම් අසාමාන්‍ය දේ සිදුවනබව වැටහෙ යි .කුමුදුලතාගේ හැසිරීම අමුතූය .ඇයකිසිවකු හා වැඩිකතා බහට නොයයි.එක්දිනක් රාත‍්‍රීයේ ඇය නිවසින් පිටවීයයි. පාන්දර නිවස අසල වන ලැහැබක සිටි ඇයව සොයාගනි. තව දිනක වලව්වට රාති‍්‍රයේ යමෙකු පැමිණ ඇත. කෝපි කෝප්ප දෙකක් පිළියෙල වී ඇත. ගෙදර නිවැසියන් මේ පිළිබද පුදුමය ට පත්වෙයි. වලව්වට රාතී‍්‍රයේ පැමිනියේ කවුද ?කෙසේ හෝ එම අමුත්තාපැමිණ ඇත්තේ කූමුදුලතා හමුවීමටය.
මේ අතර කූමුදුලතාගේ මස්සිනාවන ශක්ති දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඇයගේ මව වන දිනවතීහාමිනේට වැටහෙයි. ඔහු නිතර හීනෙන් බියවෙයි. කෑගසයි. ඔහු හමුවීමට ශිවරාජ් නම් හැඩිදැඩි පුද්ගලයකූ නිතර පැමිණෙයි ඔහු ශක්තිගෙන්. යම් මුදලක් ඉල්ලා කරදරකරයි දිනක් ඔහු ශක්තිට පහර දෙයි ඔහු ඉල්ලා කරදරකරන මේ ගනුදෙනුව කූමක්ද ශක්ති නිතර බියෙන් පසුවෙන්නේ ඇයි.
ශක්තිට ආරච්චි නිවසින් කූමුදුලතා පිළිබද විවාහ යෝජනාවක් ආවද ඔහු එයටඅකැමති වෙයි නමුත් ඔහු කුමුදුලතාගැන නිතරම සිතයි මෙයඔහුගේ මවටත් ඔහු හා සමිපවීමට උත්සාහදරන අසල්වැසි තරුණියක වන වසුන්දරාටද තේරුම් ගැනීමට නොහැකිවෙයි. මේ සියල්ල මැද කූමුදුලතා ගැබ්බරවී ඇති බව හෙළිවෙයි. ආරචිචි බෙහෙවින් කෝපවෙයි මෙය සිදුවී ඇත්තේ කුලයෙන් හීන මියගිය විෂ්ණගෙන් බව හෙලිවෙයි. වලව්වේ ගැටුම් ඇතිවෙයි. කුමුදුලතාගේ මානසිකත්වය තව තවත් ව්‍යාකූලවෙයි.
මේ සිදුවීමඅතරතූර ගුරුන්නාන්සේ මෘතශරීරය ගෙදර තබා ගෙන දිගටම මතුරයි. ලබන පොහෝදින මෘතශරීරය නැගිටින බව ඔහු පෑතැටියා සමග පවසයි. අවසාන මැතිරු මම හා ජයටම සිදුකිරීමට සුදානම්වෙයි. නිවසේ වෙසෙන ගොලුගැහැණිය වන යසවතී මිනියට සිදුකරන මෙම මැතිරීම විෂ්ණට කරනවධයක් සේ සිතයි. වීෂ්ණ කූඩාකල ඇති දැඩිකලේමෙම ගැහැණියයි. ඇය විෂ්ණව දැඩිස්නේහයෙන් රැකබලාගත් තැනැත්තියයි. ඇය මෘත ශරීරය ඇදගෙන ගොස් පුලුස්සාදැමීමට තැත්කරයි. ගුරුන්නාන්සේ එය දැක ඇයට පහරදී මිණිය ආපසු රැගෙන
එයි මේ අතර ආරචිචිලා කූමුදුලතාගේ දරුගැබ විනාශ කිරීමට තැත්කල ද එය අසාර්ථකවෙයි.
එයි මේ අතර ආරචිචිලා කූමුදුලතාගේ දරුගැබ විනාශ කිරීමට තැත්කල ද එය අසාර්ථකවෙයි.
අවසාන මැතුරුම මහා ජයට සිදුවෙයි එහෙත් මිනියට පණ ලැබෙන සළකුණක්වත් නොපෙනේ ගූරුන්නානසේ අධෛර්්‍යටපත් නොවෙයි පාලු ප‍්‍රදේශයක ගගක්මැද
මාතශරීරය පාරුවක තබා තවදුරටත් ජපකරයි මේ කිසිම ක‍්‍රමයකින් මෘත ශරීරයට පණදිය නොහැකි වන බව දැනගත් පෑතැටියා මෘතශරීරය ගිනිතබා අවසන් කටයුතූසිදුකරයි. මෙයින් කම්පනයටපත් ගුරුන්නාන්සේ ගේ සිහිය මදවශයෙන් විකල්වෙයි.
මාතශරීරය පාරුවක තබා තවදුරටත් ජපකරයි මේ කිසිම ක‍්‍රමයකින් මෘත ශරීරයට පණදිය නොහැකි වන බව දැනගත් පෑතැටියා මෘතශරීරය ගිනිතබා අවසන් කටයුතූසිදුකරයි. මෙයින් කම්පනයටපත් ගුරුන්නාන්සේ ගේ සිහිය මදවශයෙන් විකල්වෙයි.
මේ අතර කූලහීන පියකූටදාව කූමුදුලතාගේ දරුවා ආරච්චි වලව්වේ දී උපත ලබයි මැණිකේ ඇතූලු පිරිස කූලමානය අතැර දරුවාට සලකයි. ආරච්චි ඈතින් සිට දරුවා දෙසබලා සිටි දරුවා බැලිමට එන ගූරුන්නාන්සේ ව ඔහු පන්නාදමයි . මේ ඉපදීඇත්තේ තම පුතා බව ගූරුන්නාන්සේ තදින්විශ්වාස කරයි.
මේ සියල්ල මැද විවිධ ප‍්‍රශ්ණ රාශියකට මුහුණදෙන ශක්තිගේ මෘතශරීරය ගගේතිබී හමුවෙයි ඔහු ගේ මව වැළපෙයි.
කාලය ගෙවීයයි. දරුවා දැන් වසර5ක පමණවන හුරුබුහුටි දරුවකි. කූමුදුලතා තම දරුවා අසාමාන්‍යලෙස ප‍්‍රවේසම් කරයි. සියපුතා මියයාමෙන් පසු අහිමිවුන දරුසෙනෙහසින් පීඩාවිදින ගූරන්නාන්සේ ද නිතර නිතර මේ දරුවාපිළිබද අවධානයෙන් පසුවේ. ගූරුන්නාන්සේ මන්ත‍්‍රබලයෙන් දරුවා බන්ධනයට ලක්කර පැහැරගනිවී යන සැකයෙන් කූමුදුලතා නිතරපසුවෙයි.
දරුවා පාසැල් යන අතර ඔහු හා ක‍්‍රමයෙන් සබදතාවයක් ගොඩනගාගන්නා ගූරුන්නාන්සේ දිනක් දරුවා සිය නිවසට රැගෙන ගොස් සත්කාරකරයි. ඔහුට විෂ්ණගේ කූඩාකල සිහියට නැගෙයි ගොලුගැහැනිය ද දරුවාට අසිමිතව ආදරය කරයි. මෙතෙක්කලක් වලව්වේ කොටුවූන ජීවිතයක් ගතකල දරුවාට ගූරුන්නාන්සේ විසින් රැගෙන ගොස් ගංගා ඇළ දොල ගස්කොලන් දියඇළි සහිත සොබාදහමේ විචිත‍්‍රත්වය පෙන්වයි. ලෝකය සුන්දරතැනක් බවත් අසුන්දර සමහර මිනිසුන් නිසා ලෝකයේ සුන්දරත්වය විනාශවන බවත් දරුවාට වටහාදෙයි. වියපත් දුර්වල මිනිසාත් ඔහුගේ ජීවිතය තේරුම්ගැනීමට උත්සාහ දරන පස්හැවිරිදී කූඩා දරුවාත් අතර අපූරු සබදතාවයක් ගොඩනැගේ .දිනක් දරුවා ගූරුන්නාන්සේ සමග සුපුරුදු ලෙස කාලය ගතකරන අතර ඇගේ මව දරුවා නැති සොවින් උමතූවෙයි. ගූරුන්නාන් සේ විසින් දරුවා පැහැරගෙන ගොස් ඇතිබව ඇය සිතයි දරුවා සවස්වී ගෙදර එයි .එහෙත් දරුවා ගුරුන්නාන්සේ විසින් රැගෙනයාවී යන උමතූවෙන් පසුවෙන කූමුදුලතා තමපියාගේ තූවක්කූව රැගෙනගොස් ගරුන්නාන්සේට වෙඩි තබයි.
අහිමිවු දරු සෙනෙහසින් අසිමිතව පීඩාවිදි මෙම වියපත් මිනිසා තම මහලු ජීවිතයට නවබලාපොරොත්තූවක් ඇතිකල තම මුනුපුරාගේ මතකයත් සමග තම ජීවිතයෙන් සමුගනි. ඔහුගේප‍්‍රාණයෙන් තොර සිරුර නිවස අසල ගගඅද්දර ගල් තලාවේ වැටී තිබෙනු ඔහු ගේ හිතෛශී පෑතැටියා දකී 'අනේ ඉතින්උඹට කවුද පණපූගන්නේ පෑතැටියා දුකින් 'අසයි.
මෙම රුපවාහිනී නාට්‍යයේ රංගනයෙන් දායකවනුයේ,
නදිෂා හේමමාලි ,බිමල් ජයකොඩි, ශ‍්‍රීයන්ත මෙන්ඩිස් ,වසන්ති චතුරානි, සම්පත් ජයවීර, දමිතා අබේරත්න ,බුද්ධදාස විතානඅරච්චි ,නලින් ප‍්‍රදීප් උඩුවල, නිලන්ති විජේසිංහ, ප‍්‍රතිභා හෙට්ටිආරච්චි ,රහල් බුලත්සිංහල ,පවිත‍්‍රා වික‍්‍රමසිංහ, සෝමසිරි කොළඹගේ, ෂෙරින් මෙන්ඩිස්, අවන්ත පෙරේරා, අරුණි මෙන්ඩිස්, විමල් සිරිමාන්න අමල් රත්නශාන්ත කරුණාරත්න රණසිංහ රෝහිත ගුණසේකර.






