සිරියාවට එරෙහි ප‍්‍රහාරයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල තීන්දුවක් සඳහා ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් මැදිහත්වීමක් නොවනු ඇතැයි ධවල මන්දිර ආරංචි මාර්ග වාර්තා කර තිබේ. මේ තීරණයට එළඹ ඇත්තේ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අතර පැවැත්වෙන සාකච්ඡවල දෙවන දිනය නිමාවීම සමගය.
රුසියාව විසින් ඉදිරිපත් කරනු ලදුව සිරියානු රජය විසින් එකගත්වය පළකළ රසායනික අවි ජාත්‍යන්තර ප‍්‍රජාවට භාරදීමේ යෝජනාව දින 2ක් පුරාවට දෙරටේ රාජ්‍යතාන්ත‍්‍රිකයන් දෙදෙනා විසින් සලකා බලා ඇති අතර තෙවන දිනටත් සාකච්ඡ ක‍්‍රියාත්මක වනු ඇතැයි පැවසේ.
රුසියාවේ යෝජනාව ඉදිරිපත් වීමෙන් පසුවද මිලිටරි බලය යෙදීමට අවස්ථාවක් යෝජනාවට ඇතුළු කළ යුතු බව ඇමරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශයේ අදහස වූ අතර ඒ පිළිබඳ යෝජනාවක් ප‍්‍රංශය විසින් ඉදිරිපත් කරනු ලැබිනි. එය ප‍්‍රතික්‍ෂේප කරමින් රුසියාව පවසා ඇත්තේ තම සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමට නම් සිරියාවට එරෙහිව බලය යෙදීමේ සැලැස්ම ලටහිර ජාතීන් විසින් හකුළා ගත යුතු බවයි.
මේ අතර සිරියාව රසායනික අවි වලට එරෙහි රටවල සම්මුතියේ පූර්ණ සාමාජිකත්වය ලබාගත් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිරියානු තානාපතිවරයා විසින් අනාවරණය කරන ලදී.
නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ කළ ව්ලැදිමීර් පුටින්ගේ ලිපිය හරහාද ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කර තිබිණි.
මේ අතර මිලිටරි ටයිම්ස් පුවත්පත මගින් පසුගියදා සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ සේවයේ යෙදී සිටින ඇමරිකානු සොල්දාදුවන්ගෙන් 75%ක් සිරියාවට එරෙහි ප‍්‍රහාරයකට සිය අකමැත්ත පළ කරන බවයි.
ඇමරිකානු පුරවැසියන්ගෙන් 63%ක් ඊට අකමැති බව මින් පෙර රොයිටර් පුවත් මගින් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය විය.