කැලණි සරසවියේ කන්නන්ගර සිසු නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිටින සිසුන්ගේ නොමනා හැසිරීම නිසා අසල්වාසීන් දැඩි අපහසුතාවයට පත් වී ඇතැයි කැලණිය දළුගම්ගොඩ සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති කේ බී. ඞී. ජයතිලක මහතා පැවසීය.
ජයතිලක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
‘මේ ළමයින් අපේ දරුවන් වගේ වයසේ ඉන්නේ. බොහෝ ළමුන් දිනපතා බීමත්ව රාත‍්‍රී කාලයේ දී කෑකෝ ගසමින් හැසිරෙනවා. අහල පහළ සිටින අපටත් විශේෂයෙන් ගමේ ඉගෙන ගන්න දරුවන්ට මහත් කරදරයක් වී තිබෙනවා. නේවාසිකාගාරය උඩ තට්ටුවේ සමහර දිනවල රාත‍්‍රී එහා මෙහා ඇවිදිමින් අසල්වාසීන්ට හිරිහැර වන පරිදි කෑ කෝ ගසනවා.
සමහර ළමයින් නිර්වස්ත‍්‍රව ඉන්න අවස්ථා ද තිබෙනවා. සමහර දිනවල රැ දෙක තුන වන තුරු කෑ ගහනවා. එකවර හූ කියනවා. මීට පෙර මෙම නේවාසිකාගාරයේ සිසුවියන් සිටියදී ගම්වාසීන් සමග ප‍්‍රශ්න ඇතිවුණේ නෑ’