අන්සතු ක්‍රෙඩිට් කාඩ් පතකින් රුපියල් එක්ලක්‍ෂ විසිදහසක් වංචා කළ බවට චෝදනා ලැබ සිටින ටෙලි නාට්‍ය නිළියකට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධි කරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන පුවතක් අපවෙත වාර්තා වනවා
ඒ අනුව ගොනුකිරීමට සාක්කි තිබේ නම් ඉදිරි නඩු දිනයේදී පැමිණිල්ලක් ගොනු කරන ලෙස කොටුව මහෙස් ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා කොල්ලු පිටිය පොලිසියට නියෝග කර තිබෙනවා.
මෙසේ චෝදනා ලැබ සිටින්නේ මනිෂා ශ්‍යාමලී නමැති ටෙලි නාට්‍ය නිළියයි. මෙම ටෙලි නාට්‍ය නිළිය විසින් එඩ්මන් වික්‍රමපතිරණ නමැත්තකුට අයත් ක්‍රෙඩිට් කාඩ් පතකින් රුපියල් එක්ලක්‍ෂ විසිදහසක
මුදලක් සහ කොල්ලු පිටිය ගාලු පාරේ පිහිටි අංක හත්සිය දහසය දරන ව්‍යාපාරික ස්ථානයේ දේපළද වංචනික ලෙස ලබාගෙන ඇති බවට ඔහුගේ දියණිය වන සාගරිකා දනුකා එඩ්වින් විසින් කොල්ලුපිටිය පොලිසියට පසුගිය 18 දින පැමිණිල්ලක් කර තිබෙනවා.
එම පැමිණිල්ලට අනුව පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මනිෂා ශ්‍යාමලී නමැති නිළිය අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව ඇපමත මුදාහැර පසුගිය 12 වැනිදා අධිකරණයේ නැවැත පෙනී සිටින ලෙස නියෝග කර තිබුනා.
කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සිද්ධිය පිළිබඳව සියලු පරීක්‍ෂණ අවසන් බව දැනුම් දුන්නේය. එම කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුර නඩු විභාගය නොවැම්බර් 7 දිනට කල් තබන ලදී.
ක්‍රෙඩිට්කාඩ් පතකින් රුපියල් එක්ලක්‍ෂ විසිදහසක් වංචා කළ ටෙලි නිළි මනිෂා ශ්‍යාමලීට වැඩ වරදී.
2013-09-18T07:58:00+05:30
Janith
Gossip News|Gossiplanka|local|Local news|