පාසල් දරුවන්ට ජංගම දුරකතන භාවිතය තහනම් කළ යුතු බව අධ්‍යාපන කටයුතු පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව යෝජනා කරයි.
පන්ති කාමරවලදී භාවිත කරන අනුමත තාක්‍ෂණ උපකරණ හැර වෙනත් උපකරණ පාසලට රැගෙන ඒම තහනම් විය යුතු බවද එම කාරක සභාව යෝජනා කර ඇත.
දරුවන්ගේ සාරධර්ම අධ්‍යාපනය ඵලදායිකර ගැනීම සඳහා මවුපිය, ගුරුවරු හා වැඩිහිටි පරපුර ආදර්ශවත් විය යුතු බවද කාරක සභාව පෙන්වාදී තිබේ.