ස්ටිව් ජොබ්ස් පළමු වරට ඇපල් පරිගණක නිෂ්පාදනය කළ ඔහු කුඩා කළ විසූ නිවස සහ ගරාජය ඓතිහාසික භූමි ප්‍රදේශයක් ලෙස නම් කිරීමේ සූදානමක් පවතී. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇල්ටොස් හි පිහිටි ජොබ්ස්ගේ නිවසේ පිහිටි පළමු ඇපල් පරිගණක නිෂ්පාදන වැඩපොළ ඓතිහාසික දේපොළක් ලෙස නම් කිරීමට ප්‍රාන්ත කවුන්සිලයට ඉල්ලීමක්ද ඉදිරිපත්ව තිබේ.
ගොවිපොළක ආකාරයේ නිවස නවෝත්පාදනයක තිඹිරිගෙය බැවින් එය වටිනා වැදගත් ස්ථානයක් බව එම ඉල්ලීමේ සඳහන්ය. මෙම ඉල්ලීම සත් පුද්ගල කමිටුවක් මගින් අනුමත කළහොත් නිවස සංරක්ෂණය කර එහි වර්තමානයේ පවතින තත්ත්වයෙන්ම පවත්වාගෙන යනු ඇති බව සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරයි. ස්වීට් ජොබ්ස් පවුලේ සාමාජිකයන් සමග මෙම නිවසට පැමිණියේ ඔහු 7 වැනි ශ්‍රේණියේ උගනමින් සිටියදීය. පරිගණක නිර්මාණය කිරීම සඳහා ඔහු යොදාගෙන තිබුණේ මේ නිවසේ ගරාජයයි. සිය නිල චරිතාපදානයේදී ජොබ්ස් සඳහන් කර තිබුණේ ඔහු සහ ඔහුගේ මිතුරු ස්ටිව් වොස්නියක් පළමු ඇපල් පරිගණක පනහ නිෂ්පාදනය කළේ මෙම ගරාජයේ සිට බවය. කාමර තුනකින් යුත් මෙම නිවස ඩොලර් මිලියන 1.5ක් ලෙස ගණන් බලා ඇතත් එය විකුණා නොමැත.
ඩේලිමේල්
ඩේලිමේල්