ඉන්දියාවේ මුම්බායි නගරයේ පසුගිය සිකුරාදා කඩා වැටුණු සිව් මහල් ගොඩනැගිල්ලට යටවී මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වන විට 42 දක්වා ඉහළ ගොස් තිබේ. තවත් පුද්ගලයින් 33 දෙනෙක් බරපතළ තුවාල සහිතව සුන්බුන් අතරින් බේරාගත් බව වාර්තා විය.
මුම්බායි නගරයේ ඩොක්යාඩ් පාර ආසන්නයේ පිහිටි මෙම සිව් මහල් ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි පුද්ගලයන් 83ත් 89ත් අතර සංඛ්‍යාවක් සිට ඇත. සෙනසුරාදා සිදු කෙරුණු සුන්බුන් අතර සිරවූවන් බේරා ගැනීමේ මෙහෙයුම අතරතුරදී කුඩා ගැහැනු ළමයකු බේරා ගැනීමට හැකියාව ලැබි ඇත. ඒ වනවිට ගොඩනැගිල්ල කඩා වැටී පැය 12ක කාලයක් ගතවී තිබුණි.
කෙසේ වුවද ගොඩඩනැගිල්ල කඩා වැටීමට හේතුව මතෛක් අනාවරණය කරගෙන නැත. එරට ආපදා ප්‍රතිචාර බළකායේ ප්‍රාදේශීය අණදෙන නිලධාරී ආලෝක් අවාස්ති සඳහන් කළේ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් ජීවතුන් අතර සිටිතැයි විශ්වාස නොකළද තවදුරටත් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවය.
මෙම සිව් මහල් ගොඩනැගිල්ලේ මුම්බායි නගර සභාවේ සේවකයන්ගේ පවුල් 20කට අධික සංඛ්‍යාවක් ජීවත්ව සිට ඇත.
බි.බි.සී.