-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අසභ්‍ය දර්ශන ඇතුළත් දේශීය විදේශීය චිත්‍රපට වී.සී.ඩී. හා ඩී.වී.ඩී. තැටිවලට පටිගත කර තොග වශයෙන් මහා පරිමාණයෙන් බෙදාහැරි පිටකොටුව බෝධිරාජ මාවත ප්‍රදේශයේ ස්‌ථානයක්‌ පෙරේදා (14 වැනිදා) සවස වැටලූ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව මෙම වැටලීමේදී එම අසභ්‍ය දර්ශන ඇතුළත් දේශීය හා විදේශීය චිත්‍රපටි පටිගත කිරීමට භාවිත කළ පරිගණක කීපයක්‌, අසභ්‍ය දර්ශන සහිත චිත්‍රපටි, ඩී.වී.ඩී. තැටි 70 ක්‌, අසභ්‍ය දර්ශන ඇතුළත් පෙන් ඩ්‍රයිව් කීපයක්‌ සහ විදේශ රටකින් ගෙන්වූ එකවර වීඩියෝ පට දහයක්‌ මුද්‍රණය කළ හැකි යන්ත්‍ර 10 ක්‌ එම බළකාය භාරයට ගෙන ඇත. 

පාසල් සිසුන් හා තරුණයන් හට ජංගම දුරකථනවලට අසභ්‍ය දර්ශන සහිත චිත්‍රපටි කොටස්‌ ඇතුළත් කරදෙන බවට ලද තොරතුරකට අනුව උපාය දූතයකු යොදවා කළ විමර්ශනවලින් පසු සැකකරුවන් කොටුකර ගත් බවද එම ඒකකය කියයි.

මීගමුව හා කොළඹ යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 28 හා 23 යන වයස්‌වල පසුවන සැකකරුවන් කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස්‌ ඇතැයි හෙළිවූ බවද එම ඒකකය පවසයි.

ඔවුන් ජංගම දුරකථනවලට ගීත දමා දෙන මුවාවෙන් අසභ්‍ය චිත්‍රපට කොටස්‌ ඇතුළත් කර දෙමින්ද මුදල් උපයා ඇතැයි හෙළි වූ බවද එම ඒකකය සඳහන් කරයි.

අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරි උදිත පෙරේරා මහතාගේ අධීක්‍ෂණය යටතේ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක දුමින්ද බුද්ධික බාලසූරිය මහතාගේ උපදෙස්‌ මත නිලධාරීන් කණ්‌ඩායමක්‌ මෙම වැටලීම සිදුකර ඇත. 
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos