කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක පාසල් ළමයින් තිදෙනකු පාසල් වෑන් රියක් තුළදී අපයෝජනයට ලක්කර ඇතැයි කියන වෑන් රථ රියැදුරකු බොරැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනුලැබ තිබේ.
මේ ළමයින්ගේ මවුපියන් විසින් ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ 1929 දුරකතන අංකයට ලබාදුන් පැමිණිල්ලක් බොරැල්ල පොලිසියට යොමුකර අදාළ සැකකරු පැය 2ක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
සිද්ධියට අදාළ පාසල් ළමයින් තිදෙනකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මියගෙන් විමසූ විට ඇය සඳහන් කළේ පාසල් වෑන් රථ රියැදුරන්ගේ පොලිස් වාර්තා කැඳවමින් ඒ සඳහා වූ නියාමන ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක කර සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති නමුදු එම ව්‍යාපෘතිවලට අදාළ යෝජනා නීතිගත කිරීම සඳහා වූ වාර්තා ගණනාවක් වගකිවයුතු අංශ වෙත ඉදිරිපත් කර වසර 3ක් පමණ ගතවී ඇති බවයි.