තම පාලන සමයේ සිදුකළ යුද අපරාධ වෙනුවෙන් වගකිවයුතු බංග්ලාදේශ ඉස්ලාමීය නායක අබ්දුල් කදීර් මුල්ලාට පැනවූ මරණ දඬුවම තහවුරු කෙරිණි. පෙබරවාරි මාසයේ පැනවූ මෙම දඬුවම ඉවත් කරන ලෙස ඔහු සිදුකළ අභියාචනය නිෂ්ප්‍රභ කෙරිණි.
එරට ජමාට්-ඊ-ඉස්ලාම් පක්‍ෂයේ නායකයා ලෙස 1971දී නිදහස් සටන පැවැති සමයේ සිදුකළ අපරාධ පිළිබඳ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ නඩුව විභාග කෙරිණි. මෙම දඬුවම දේශපාලන අවශ්‍යතාව මත ලබාදුන් බවට ඔහුගේ හිතවතුන් චෝදනා කළ අතර විරුද්ධ මතධාරීන් පැවැසුවේ දඬුවම සරල වැඩි බවයි.