බාබර් සාප්පුව හුදෙක් කොණ්ඩා කපන තැනක් පමණක් නොවේ. මිනිසුන්ට විවේකීව සිටින්නට, මිතුරන් මුණ ගැසෙන්නට සහ සමාජයීය සම්බන්ධතා පවත්වන ස්ථානයක් බවට දැන් පත්ව තිබේ.
මෙලෙස කියන්නේ නයිජීයානු ඡායාරූප ශිල්පී ඇන්ඩෲ එසිඒබෝය. බාබර් සාප්පුව ඉංග්‍රීසි අවන්හලක මෙන් සමාජ සබඳතා පෙන්වන ස්ථානයක් බවට පත්ව ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳ ඔහු ගවේෂණයක් සිදු කළේ ය. ඒ සඳහා අප්‍රිකානු රටවල් කිහිපයක සංචාරය කළ ආන්ඩෲ ඒ නගරවල බාබර් සාප්පු සංස්කෘතියේ අංග ඡායාරූපයට නැගුවේ ය.
“බාබර් සාප්පු මිනිසුන්ට ඔවුන්ගේ ගෙවල්වල එහෙම නැත්නම් පොදු ස්ථානයකදී කතා කරන්න බැරි මාතෘකා ගැන කතා කරන්න පුළුවන් හොඳ තැනක්. විවිධ රැකියා කරන විවිධ පන්තිවලට අයත් පුද්ගලයන් මිශ්‍ර වන තැනක්...”34 හැවිරිදි වියේ පසුවන ඇන්ඩෲ කියයි.
ඔහුගේ ඡායාරූප එකතුවේ ලයිබිරියාව, බාලි, ගානා, සෙනෙගල්, බෙනින්, මොරිටේනියා සහ අයිවරිකෝස්ට් යන අප්‍රිකානු රාජ්‍ය හතේ බාබර් සාප්පුවල ඡායාරූප අඩංගුය. කතුරක්සහ පුටුවක් පමණක් තබාගෙන පවත්වාගෙන යන බාබර් සාප්පුවල සිට ඉහළ පෙළේ බාබර් සාප්පු ද ඔහුගේ කැමරා කාචයට හසුවිය. ඇතැම් බාබර් සාප්පුවල ජනප්‍රිය චරිතවල ඡායාරූප එල්ලා තිබෙනු දැකගත හැකිය. කොණ්ඩා කැපීමට පැමිණෙන පුද්ගලයන් තම කොණ්ඩය කපා ගැනීමට කැමැති ජනප්‍රිය තරුවල ඡායාරූප බිත්ති සරසා තිබුණි.