-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පසුගියදා සිදුවූ මෙගා බයිට් අලකලංචිය වෙනුවෙන් මිහිරි සිරිතිලක විසින් පොලීසියට පැමිණිල්ලක් කළ අතර පසුව මානව හිමිකම් කොමිසමටද යන බවට වාර්තා පලවී තිබුනා.

දින කිහිපයකට පෙර සිදුවූ එම සිදුවීම නිසා මෙතෙක් කලක් නිෂ්ශබ්ධව සිටි හිරු ටීවී ආයතනය ඒ වෙනුවෙන් අද සමාව නොඉල්ලා සිය කණගාටුව පල කළා.

එමෙන්ම ඔවුන් එම වැඩසටහන නවතා දමන බවටත්, රූගත කල එම දර්ශන අධිකරණය බාරයේ ඇති බවටත් ප්‍රකාශ කරනු ලැබුවේ මෙලෙසින්

නිවේදක සුනෝජ් ප්‍රනාන්දුගේ ක්‍රියාකලාපයක් හේතුවෙන් මිහිර සිරිතිලක නම් වූ කලා කරුවාට සිදුවූ අපහසුතාවය පිළිබඳව පලමුව අපගේ බලවත් කනගාටුව මෙසේ ප්‍රකාශ කරන්නෙමු.

එමෙන්ම ආයතනයේ අනුදැනුමකින් තොරව සිදුවූ මෙම පටිගත කිරීම කිසි විටෙක "මෙගා බයිට්" වැඩසටහන හරහා ප්‍රචාරය නොකිරීමට කටයුතු කල අතර වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙස ඉදිරියේදී හෝ ප්‍රචාරය නොකරන බවත්, අදාල පටිගත කිරීමේ මුල් පිටපත් අධිකරණය බාරදීමටත් කටයුතු කර ඇත.

එමෙන්ම එම මුල් පිටපත් තුන්වන පාර්ශවයක් අතට පත් නොකිරීමටද එකඟතාව පලවිය.

කලාකරුවන් සමඟ නිරන්තරයෙන් ඉතා සුහදව කටයුතු කරන මාධ්‍ය ආතනයක් ලෙස එකී සුහදත්වය තව දුරටත් වර්ධනය කරනු වස් මෙගා බයිට් නැමැති වැඩසටහන විකාශය කිරීම දැනටමත් නවතා දමා ඇති අතර ඉදිරියටත් එය එලෙසම ක්‍රියාත්මකයි.

තවදුරටත් මෙම සිද්ධි දාමය තුල පොදුවේ සියළුම ශ්‍රී ලාංකීය කලාකරුවන්ට ද සිත් තැවුලක් සිදුවූයේ නම් සදාචාරාත්මක මාධ්‍ය ආයතනයක් ලෙස ඔවුන්ටද අපගේ කණගාටුව මෙසේ ප්‍රකාශ කරන්නෙමු.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos