-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


කොළඹ ප්‍රධානම පෙළේ පාසලක ශිෂ්‍යභට කාමරය බිඳ එහි තිබූ රුපියල් ලක්‍ෂ දෙකකට ආසන්න වටිනාකමෙන් යුත් ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන සහ මුදල් සොරාගත් එම පාසලේම උසස්‌ පෙළ පංතියක අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයන් පස්‌දෙනකු මරදාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ශිෂ්‍යයන් විසින් සොරාගන්නා ලද ලැප්ටොප් පරිගණකයක්‌, ජංගම දුරකථන 10 ක්‌ සහ රුපියල් හැටදහසක මුදලක්‌ ද පොලිසිය සොයාගෙන තිබේ.

ඉකුත් ජුනි මස 11 වැනිදා මෙම පාසලේ ශිෂ්‍ය භටයන්ගේ නිල කාමරය කඩා එහි තිබූ මෙම භාණ්‌ඩ සොරාගෙන ගොස්‌ තිබිණි.

පාසල් බලධාරීන් විසින් මරදාන පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ අංශයේ ස්‌ථානාධිපති ගාමිණී හේවාවිතාරණ මහතා ඇතුළු නිලධාරීන් මෙම සොරකමට සම්බන්ධ එම පාසලේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු මුලින්ම අත්අඩංගුවට ගන්නා ලදී.

එම ශිෂ්‍යයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත සෙසු සැකකාර ශිෂ්‍යයන් ද සොරාගන්නා ලද භාණ්‌ඩ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මරදාන පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති ගාමිණී හේවාවිතාරණ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos