ඉදිකරමින් තිබෙන හම්බන්තොට වරාය අසල සාප්පු සංකීර්ණ, විනෝදාස්වාද සේවා ඇතුළු පහසුකම් ස්ථාපිත කිරීමට දූපතක් ගොඩනැගීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
හම්බන්තොට වරායේ දෙවන අදියරේ ඉදිකිරීම් වලදී හාරා ඉවත් කරන වැලි කියුබික් මීටර් මිලියන 20 ක පමණ ප්රමාණයක් භාවිතා කරමින් මෙම නව දූපත ගොඩ නගන බව සඳහන්ය.
හම්බන්තොට වරායේ දෙවන අදියර සඳහා ඩොලර් මිලියන 808 ක පමණ ආයෝජනයක් සිදුකරන අතර එම මුදල් ලබාගන්නේ චීනයේ එක්සිම් බැංකුව මගිනි.
මෙම දූපතේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ හා අවන්හල් ඉදිකිරීමට, විනෝදාස්වාද පහසුකම් ගොඩනැගීමට විදේශීය ආයෝජකයින් කැමැත්ත පළකර තිබෙන බවද එම වාර්තාව කියයි.