-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මුත්‍රා යොදාගෙන ජංගම දුරකථනයක් ‘ආරෝපණය’ කර ගත හැකි ප්‍රමාණයේ විදුලි කෝෂයක් නිපදවීමට බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් රොබෝ පර්යේෂණායතනයේ විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ.
මෙම විදුලි කෝෂයන් හැදින්වෙනුයේ ‘ක්ෂුද්‍රජීවි ඉන්ධන කෝෂ’ ලෙසය.
මෙම විදුලි උත්පාදන ක්‍රමය පසුපස ඇත්තේ සාමාන්‍ය සෛලයක ශක්තිය උපදින ක්‍රියාවලියයි.සෛලයක් ශක්තිය උත්පාදනය කරගන්නේ ආහාර ජීර්ණය කිරීමෙනි.ආහාර ජීර්ණ ඵල යොදාගෙන ශක්තිය උත්පාදනය කළ හැකි ඉන්ද්‍රයිකාවන් සෛල වල ඇත.ඒවා හැදින්වෙන්නේ මයිටකොන්ඩ්‍රියා ලෙසය.උත්පාදනය වන ශක්තිය සිරුරේදී නම් භාවිතා වන්නේ නොයෙකුත් ජීව ක්‍රියා සදහායි.මේ විද්‍යාඥයන් කර ඇත්තේ සෛලයකින් මෙසේ උපදින ශක්තිය විශේෂ උපකරණයන් හරහා යවා එය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කිරීමයි.
මෙහිදී සෛල ලෙස භාවිතා කර ඇත්තේ බැක්ටීරියාවන්ය.බැක්ටීරියාවන්ද මිනිස් සිරුරේ සෛල සමානවම ක්‍රියාකාරී වී ආහාර ජීර්ණය කර ශක්තිය උපදවා ගනු ලබයි.විද්‍යාඥයන් මෙම කෝෂ සදහා භාවිතා කර ඇති බැක්ටීරියාවන්ට ආහාර ලෙස සපයන්නේ ‘මුත්‍රා’ ය.බැක්ටීරියා මුත්‍රා ජීර්ණය කර ශක්තිය උපදවයි.ඒ උපදින ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කර භාවිතයට ගැනේ.
ජංගම දුරකථනයක් ක්‍රියාත්මක කළ හැකි පමණට මෙවන් කෝෂ සමූහයකින් ලබා ගත හැකි බලය ප්‍රමාණවත් බව සදහන්ය.දැනට එක් කෝෂයකින් ලබාගත හැක්කේ ඉතා සුලූ බලයක් වුවත් ඉදිරියේදී මෙය තවත් දියුණු කිරීම විද්‍යාඥයන්ගේ අරමුණයි.

විදුලි ආරෝපක සොයා තැන තැන දුවනවාට වඩා කෝෂයේ බලය බැස ගියේ නම් මුත්‍රා කර කෝෂය යළි පණගන්වා ගත හැකි ක්‍රමයක් කෙතරම් ප්‍රයෝජනවත් වනු ඇත්ද

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos