බම්බලපිටියේ මුසලිම් ව්‍යාපාරිකයකු ඝාතන නඩුවේ සැකකරුවකු වන කොළඹ උතුර භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන බන්ධනාගාරගතව සිටින මේ කාලය තුළ අධිකරණයට පැමිණීමට විශේෂ ආරක්ෂාව සහිත වාහනයක් ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
නීතිඥයකු මගින් ඉල්ලා ඇත්තේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී අධිකරණයට පැමිණීමට හා ඉන් පිටවීමට ලබාදී තිබූ විශේෂ ආරක්ෂාව සහිත වාහනය මෙන් වාහනයක් තමන්ටද ලබාදෙන ලෙසයි. කෙසේ වෙතත් ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණය යහපත් ප‍්‍රතිචාර දක්වා ඇතැයි ද පැවසේ.