-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විදෙස් රටකදී හිස ගසා දැමූ රිසානා පිළිබඳ සියල්ලන්ම කතා කළත්, වසරකට ලංකාවේ බිහිවන ලක්ෂ දෙකකට වඩා වැඩි රිසානාවන් පිරිසක් අවිධිමත් විභාග කේන්ද්‍රීය ක‍්‍රමය තුළ හිස ගසා දමන නමුත් ඒ පිළිබඳ කිසිවෙක් කතා නොකරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කරන ලද්දේ කටුබැද්ද ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයෙහි, ජර්මන් ටෙක් විශ්වවිද්‍යාල විද්‍යායතනයට මුල්ගල තැබීමට එක්වෙමිනි.
මෙලෙස වසර දහයක් තුළ ලක්ෂ විස්සක් පමණ ශිෂ්‍ය පිරිසක් අවතැන් වන අතර, මෙයට පිළියමක් ලෙස තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දුන් බව එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
ඔස්ටේලියාව තුළ ඉහළ පිළිගැනීමට ලක්වන ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ පාඨමාලා ලොව පුරා රටවල්වල පිළිගැනීමට ලක් කිරීමේ අරමුණින් විශ්වවිද්‍යාල විද්‍යායතනය ආරම්භ කිරීමට පියවර ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos