ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමේ ක‍්‍රීඩක රමිත් රඹුක්වැල්ලට කොදෙවු සංචාරයේ තරඟ ගාස්තුවලින් 50%ක මුදලක් දඩ ලෙස අය කර ගැනීමට නිර්දේශ වී ඇතැයි ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
එසේම ඔහුගේ හැසීරීම සම්බන්ධයෙන් දැඩි ලෙස අවවාද කිරීමට ද නියමිතව ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.
පසුගියදා බි‍්‍රතාන්‍ය ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අඩි 35,000ක් පමණ ඉහල අහසේ තිබියදී රමිත් රඹුක්වැල්ල යානයේ දොර විවෘත කරන්නට යාම නිසා මහත් කලබලයක් ඇති විය.