-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වත්මන් රජයේ නව නගර සැලසුම් කරණ වැඩපිලිවෙල යටතේ තවත් සුවිශේෂි නිර්මාණයක් නුදුරේම අපට අත් විඳින්නට ලැබෙනු ඇත. ඒ කොළඹ පුරහල චතුරශ්‍රයයි. පැය 24 රේම විවෘත්තව පවතින නිදහස් මහජන උද්‍යානයක් (free living area) ලෙස කොළඹ මහ නගරසභාව අවට ප්‍රදේශය මෙලෙස සංවර්ධනය වනු ඇත.
ලොව සංවර්ධිත රටවල මෙවැනි පරිශ්‍රයන් සුළභ වුවත් ශ්‍රි ලංකාවට තවමත් ආගන්තුකය. විශේෂයෙන්ම රාත්‍රී ජීවිතය යන්න ඉහළ මධ්‍යම පන්තියේ ජීවන විලාසිතාවකට පමණක් සීමාවී පවතී. කොහොම වුවත් නාගරික කරණයේ උද්‍යාන සංස්කෘතිය අපට නුහුරුය.
මේ වන විට ඉදිකර තිබෙන නාගරික උද්‍යාන සම්බන්ධයෙන්ද ගැටලු පැන නැගී තිබේ. විශේෂයෙන්ම ඒවා නිදහස් උද්‍යනද යන්න ගැන බරපතල විවේචන එල්ල වී තිබෙන්නේ ඒ දැඩි පාලනයකට යටත් ප්‍රදේශ ලෙස පවත්වගෙන යාමය.ඉහතින් කී ලෙස උද්‍යාන සංස්කෘතියෙ නුහුරු බව නිසා මේ ගැටලු තවත් කාලයක් යන තුරු පවතිනුද ඇත.
මේ වන විට ලහි ලහියේ ඉදිවන ටවුන් හෝල් චතුරශ්‍ර උද්‍යාන පර්ශ්‍රය ගැන කතා කළොත් ඒ
කොළඹ නගර සභා භූමිය, විහාර මහ දේවි උද්‍යානය සහ ඒ ආශ්‍රිත මහමාර්ග පද්ධතිය ඒකබද්ධව මේ නව living area එක ඉදිකෙරේ.
මේ දිනවල ඒ පැත්තෙ ගියොත් ඒ දකින්නට ලැබේවි. කොළඹ අනන්‍යතා සලකුන වන 1927 දී විවෘත කරන ලද කොළඹ නගර සභා ගොඩනැගිල්ල මුලුමනින්ම ප්‍රතිසංස්කරණයක්ට ලක් කර තිබේ.
ඒ වට පිටාවේ තිබු වැට මයිම් තාප්ප සියල්ල ඉවත් කර තිබෙනුද දකින්නට ලැබේ. විහාර මහදේවී උද්‍යානයේ නව ශාක රෝපනය කරමින් වීථි හා වීථි ලම්පු සකස්කෙරෙමින් අලංකරණය කෙරේ. මේ නව ඉදිකිරීම් සියල්ල නගර සභා ගොඩ නැගිල්ලේ තේජස තිව්‍ර වන ආකාරයෙන් සිදු කිරීම මෙහි ඇති විශේෂත්වයකි.
ඔබ දැක ඇති කලාභවන ඉදිරි පිට සිටින චිත්‍ර අලෙවිකරුන්. ඔවුන්ව එතැනින් එළවනවා වෙනුවට ඔවුන්ට වෙනම ඉඩ කඩක් මේ උදානතුලම සකස් කෙරෙන බවත් වෙළදුන්ටත් තමන්ගේ ‍රැකියාව කරගෙන යාමට පහසුකම් සලසන බවත් බලධාරින් කියති, ඒත් මේ නවීන තත්වයට ගැලපෙන ආකාරයට ඒ සිදු කෙරේ.

මේ නවීකරන කටයුතු සියල්ල අගොස්තු මාසය තුලදී අවසන් කිරීමට නියමිතය. ඉන් පස්සේ දවසේ ඕනැම වෙලාවක සතියෙ ඕනෑම දිනක මේ උද්‍යාන පරිශ්‍රයට ඇවිත් විනෝදයෙන් විවේකයෙන් ආරක්ෂා සහිතව කාලය ගත කරන්න ඔබට හැකිවේවී. විශේෂයෙන්ම පෙම්වතුන් පෙම්වතියන්ට මේ උද්‍යානය අපූර්ව තැනක් වේවී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week