-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඩොලර් ලක්ෂ 4 කට (රුපියල් ලක්ෂ 524 ) ආසන්න මුදලක් දී මිලදී ගත් සිය සුපිරි මෝටර් රථය කුළු ගෙඩි වලින් ගසා පොඩි පට්ටම් කළ පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ චීනයෙනි.

මැසරාටි නම් ප‍්‍රකට ඉතාලි මෝටර් රථ නිශ්පාදන සමාගමේ නිර්මාණයක් වන මෙම මෝටර් රථය එහි හිමිකරු විසින් මිලට ගෙන ඇත්තේ 2011 වසරේදීය.
ඒ මැසරාටි සමාගමේ චීන නියෝජිතයා මාර්ගයෙන්ය. සුපිරි පන්නයේ වුවද මිලදී ගත්දා පටන්ම ‘‘ලෙඩ‘‘ දෙන්නට පටන් ගැනීම නිසා මෝටර් රථය ඔහුට හිසරදයක් වන තැනට පත්ව තිබෙනවා.

කිහිප වරක්ම අලූත්වැඩියා සදහා ගෙන ගියද සමාගම් නියෝජිතයා ඒ කිසිදු අවස්ථාවකදී මෝටර් රථය නිසි පරිදි අලූත්වැඩියා කිරීමට අපොහොසත් වීම නිසා නැවත නැවතත් අලූත්වැඩියා සදහා මෝටර් රථය යොමුකිරීමට සිදුවූ බව රථයේ හිමිකරු පවසනවා.

ඉවසීමේ සීමාව ඉක්ම ගිය තැන මැසරාටි සමාගමේ ‘‘සැබෑ‘‘ රූපය සියල්ලන්ට පෙන්වන්නෙමියි සිතා ඔහු සිය මෝටර් රථය චීනයේ මෝටර් රථ ප‍්‍රදර්ශනයකට ඇතුලත් කර ඇත. ප‍්‍රදර්ශනය පැවැත්වෙන අතරවාරයේ පිටතට ගිය ඔහු ආපසු ආවේ කුලූ ගෙඩි අතින් ගත් පුද්ගලයින් තිදෙනෙකු සමගය.

ඔහුගේ අණ දීමෙන් ඒ පුද්ගලයින් තිදෙනා ඩොලර් ලක්ෂ ගණනක් වටිනා මේ මෝටර් රථයට කුලූ ගෙඩි වලින් පහර දෙමින් පොඩිපට්ටම් කිරීමට ගත්තේ ප‍්‍රදර්ශනයට පැමිණ සිටියවුන් සියලූ දෙනා භ‍්‍රාන්ත කරවමිනි. මේ සිදුවීමට චීන මාධ්‍යයද හොද ප‍්‍රචාරයක් ලබා දුනි.

චීනයේ මෝටර් රථ විකිණීමට එන විදෙස් සමාගම් මෙම සිදුවීම දැක පාරිභෝගිකයා ගැන සිතා කටයුතු කරනු ඇතැයි තමා සිතන බව පොඩිපට්ටම් කර දැමුණු රථයේ හිමිකරු කියයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week