-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිනමන් එයාර්හි නිල සමාරම්භය හා වෝටර්ස් ඒජ්හි නව ගුවන් යානා අංගනය විවෘත කිරීම ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ(04) සිදුවිය. දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේද ගමනාගමන පහසුව, විශ්වාසය මෙන්ම ඔවුනට අද්විතීය හා වින්දනාත්මක අත්දැකීමක් සමීප කිරීමේ අරමුණින් යුතුව හදුන්වාදෙන සිනමන් එයාර් ගුවන් සේවය සඳහා ජලය මත ගොඩබැස්සවිය හැකි ගුවන් යානා යොදා ගැනෙන අතර සෘජු ගුවන් සේවා සේම ශ්‍රී ලංකන් ගුවන් සේවය හා සහයෝගයෙන් යුතුවද විවිධ ගමනාන්ත කරා ගමන් කිරීමට නියමිතය.

පලමු අදියර යටතේ කටුනායක සිට සිනමන් එයාර් ගුවන් සේවා ආරම්භ වන අතර Cessna 208 වර්ගයේ ගුවන් යානයක් ඒ සඳහා යොදා ගැනේ. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සිට දිනපතා කොග්ගල හා දික්වැල්ලටත් නැවත කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලටත් මෙමගින් ගුවන් සේවා සැපයෙනු ඇත.
මෙම ගුවන් සේවා කටුනායක ගුවන් තොටුපල පරිශ්‍ර සීමාවේ පිහිටි සිනමන් එයාර් ගුවන් සඳහා වෙන්වු දේශිය ගුවන් ගමන් සේවා පර්යන්තයේ සිට මෙහෙයවනු ලබන අතර කොග්ගල හා දික්වැල්ල දක්වා ගමන් ගන්නා දෛනික ගුවන් සේවා හරහා ඉදිරියේදී දකුණු දිග වෙරළ කළාපයේ ප්‍රධානම සංචාරක ආකර්ෂණය වන ගාල්ල, කොග්ගල, වැලිගම, මිරිස්ස, දික්වැල්ල හා තංගල්ල වෙත ප්‍රවේශ පහසුකම් නැංවීමක් ද සිදුවනු ඇත.
ශ්‍රී ජයවර්ධනපුර කලින් මඩ වගුරක්ව තිබු දියවන්නා ඔය කොළඹ අලංකරණ ව්‍යාපෘතිය යටතේ පුළුල් කර එය මෙවැනි ගුවන් යානා බැස්සවීම සඳහා උචිත ජලාශයක් බවට පත් කිරීම හ ඒ ආශ්‍රිත පරිසරය දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ඇද ගන්නා ප්‍රදේශයක් බවට පත් කිරීමෙන් අනතුරුව මෙම ගුවන් ගමන් සේවා ආරම්භ කරන ලදී.
ශ්‍රී ජයවර්ධනපුර පිහිටි වෝටර්ස් ඒජ්හි ගුවන් යානා අංගනය විවෘත විම හේතුවෙන් මෙම මස අග වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සිට කොළඹ හරහා මහනුවර (පොල්ගොල්ල) කරා ගුවන් සේවා ඇරඹීමට සිනමන් එයාර් කටයුතු කරනු ඇත. මෙමගින් කටුනායක ගුවන් තොටුපලට පැමිණෙන සංචාරකයින්ටද කොළඹ සිට මහනුවර කරා යන මගීන්ටද නුවර සිට නැවත කටුනායක කරා යන්නවුන්ටද මිනිත්තු 30 ක් වැනි කෙටි කාලයක් තුලදී සිය ගමන නිම කර ගැනීමට හැකියාව ලැබේ.
ඉදිරියේදී Cessna 208B Grand Caravan යානයක් එක්විමත් සමගම සිනමන් එයාර් ගුවන් සේවා කටුනායක සිට සීගිරිය, මඩකලපුව හා ත්‍රිකුණාමලය දක්වා පුළුල් කිරීමටද නියමිතය.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත එන වෙනත් ප්‍රධාන ගුවන් සේවා සමාගම් හි කාලසටහන් අනුව යමින් ඊට සමමුහුර්ත වනසේ සිනමන් එයාර්හි ගුවන් ගමන් සේවා වාර ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන අතර ආසන වෙන්කරවා ගැනිම www.cinnamonair.com යන නිල වෙබ් අඩවිය ඔස්සේ සිදුකල හැකිය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week