-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර තොරතුරු වැඩසටහන් කාර්යාංශය විසින් පවත්වා ගෙන යනු ලබන ෆේස්බුක් පිටු වලට රසිකයන් ආකර්ෂණය කිරීම සඳහා වැයකරන මුදල ඩොලර් 630000ක් බව පොලිස්පති කාර්යාලය විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.
කාර්යාංශය මගින් සම්පාදනය කරන ඉංග‍්‍රිසි මාධ්‍ය පිටු වල රසිකයන් සංඛ්‍යාව පසුගිය දෙවසර තුළදී ලක්ෂයක සිට මිලියන දෙක දක්වා ඉහළ ගොස් ඇති අතර විදෙස් භාෂා පිටුවල රසික සංඛ්‍යාවද 68000 සිට 450000 දක්වා ඉහළ ගොස් ඇත.
මෙයට හේතු වී ඇත්තේ ප‍්‍රචාරණය සඳහා 2011 සහ 2012 වසරවලදී දැවැන්ත මුදලක් වැය කිරීම බව ඉහත වාර්තාව අනාවරණය කර තිබේ.  ප‍්‍රචාරණ දැන්වීමක් හෝ ඡයාරූපයක් ක්ලික් කළ පමණින් සැබෑ රසිකයකු නොවන බවත් මෙය නිකරුණේ මුදල් නාස්ති කිරීමක් බවටත් ජාත්‍යන්තර තොරතුරු වැඩසටහන් කාර්යාංශය තුළම මතයක් පවතින බව පැවසේ.
එහි ෆේස්බුක් ක‍්‍රියාකාරීත්වය දෙස සතියක් නිරීක්ෂණය කර ඇති පොලිස්පති කාර්යාලය පවසන්නේ නිතිපතා ඒ පිළිබඳ අවදියෙන් සිටින්නේ හෝ කමෙන්ට් කරන්නේ මුළු රසික සංඛ්‍යාවෙන් 2%ක් පමණක් වන බවයි.  රසිකයන් සංඛ්‍යාව නංවාගැනීම වෙනුවෙන් දිගින් දිගටම වියදම් කරනු වෙනුවට වඩා ස්ථාවර ඉලක්ක කණ්ඩායමක් වෙත ව්‍යාපෘතිය යොමුකළ යුතු බව පොලිස්පති කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවේ නිර්දේශය වී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week