-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ළගා වීමට අපහසු ප‍්‍රදේශවලට බලශක්තියත් පානීය ජලයත් ලබා දිය හැකි ලොව පළමු පාවෙන න්‍යෂ්ටික බලාගාරය තවත් වසර 3කින් සේවයේ යෙදවීමට රුසියාව සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.
රුසියාවේ විශාලතම නැව් නිෂ්පාදකයා වන බෝල්ටික් ප්ලාන්ට් ගොඩනගන ඇකඩෙමික් ලොමොනොසොව් න්‍යෂටික බලාගාරය ක‍්‍රියාත්මක කරනු ඇති බලාගාර ජාලයකින් පළමුවැන්න වනු ඇති බව කියවේ.
ටොන් 21500ක් බරැති එය විශාල කම්හල්, නාවික නගර සහ මුහුද මැද ඇති ඉන්ධන සහ ස්වභාවික වායු ළිං සඳහා බලශක්තිය සැපයීමට යෙදවෙනු ඇත.
වසර 50ක් සාර්ථක ලෙස ආක්ටික් ප‍්‍රදේශවල අත්හදා බැලූ හිමකඩන නෞකා වල ඇති න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරක තාක්ෂණය මේ සඳහා භාවිතා කරනු ඇති අතර නෞකාවක අන්තර්ගත KLT -40 ප‍්‍රතික‍්‍රියාකාරක 2කින් විදුලි බලය මෙගා වොට් 70ක් හෝ තාපය මෙගාවොට් 300ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී.  එය ලක්ෂ 2ක ජනගහනයක් සහිත නගරයක බලශක්ති අවශ්‍යතාවය සැපිරීම සඳහා ප‍්‍රමාණවත් වනු ඇත.
පාවෙන බලාගාරයට දිනකට පිරිසිඳු ජලය ඝන මීටර 240000ක් නිපදවන නිර්ලවණීකාරක ඒකකයක් ලෙස කටයුතු කිරීමේ හැකියාවද ඇති බව පැවසේ.
බලශක්ති අර්බුදයෙන් පීඩා විඳින රුසියාවේ ඈත උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශ සඳහා මෙවැනි බලාගාර විසඳුමක් සපයනු ඇති අතර චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව, ඇල්ජීරියාව, නැමිබියාව, කේප් වර්ඞ් සහ ආජන්ටිනාව ආදී රටවල් 15ක් ඇකඩෙමික් ලොමොනොසොව් වැනි පාවෙන බලාගාර වෙත උනන්දුවක් දක්වා ඇති බවද වාර්තා වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week