-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සහ ඇගේ මව සුමනා පේ‍්‍රමදන්චන්ද්‍ර පසුගිය බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
ජනාධිපතිවරයා හිරුණිකාගෙන් මුලින්ම විමසුවේ ඇගේ අධ්‍යාපන කටයුතු පිළිබදවය. ‘ලෝ ෆැකල්ටි එකේ මේ දවස් වල ෆයිනල් එග්සෑම් මම ඒකට පාඩම් කරනවා’ යැයි හිරුණිකා පිළිතුරු දුන්නාය.
‘ඒක තමයි හොදට පාඩම් කරලා විභාගේ පාස්වෙලා ලෝයර් කෙනෙක් වෙන්න ඊට පස්සේ නීතිඥ  සමාගමක් වුණත් ඔයාට දාගන්න පුළුවන්නේ කියූ ජනාධිපතිවරයා බංකොලොත් මිනිස්සු පස්සේ ගිහින් ජීවිතේ නාස්ති කරගන්න එපා’ යනුවෙන් අවවාදයක්ද දුන්නේය.
අනතුරුව සුමනා පේ‍්‍රමචන්ද්‍ර දෙසට හැරුණු ජනාධිපතිවරයා භාරතගේ දෙවර්ෂ පූර්ණ ගුණ සැමරුම සංවිධානය වන ආකාරය පිළිබද ඇගෙන් විමසුවේය එය සිදුවන අයුරු පැවසූ සුමනා තමන්ට මුහුණපාන්නට සිදුවී ඇති ප‍්‍රශ්න කිහිපයක් පිළිබදවද ජනාධිපතිවරයාට කීවාය ජනාධිපතිවරයා හොදින් ඒවාට ඇහුම්කන් දෙන ආකාරය දක්නට ලැබිණි.
හිරුණිකාගේ ආරක්ෂාව පිළිබද තමන්ට විශාල බියක් ඇති බවත් එම ගැටලූවට හැකි ඉක්මනින් විසදුමක් ලබාදෙන ලෙසත් සුමනා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියාය ජනාධිපතිවරයා එවිට පැවසුවේ හිරුණිකාගේ ආරක්ෂාව සම්බන්ධව තමා ඉක්මනින් පියවර ගන්නා බවය.
විනාඩි 45ක පමණ කාලයක් සුහදව පැවති මෙම හමුවේ වූ විශේෂත්වය වූයේ ජනාධිපතිවරයාගේවත් හිරුණිකාගේවත් හෝ ඇයගේ අම්මාගේ වත් කටින් දුමින්ද ගැන වචනයක්වත් පිට නොවීමය.
ජනාධිපතිතුමාගෙන් තේ පැන් සංග‍්‍රහයක්  ලැබුණද හිරුණිකා තමන්ට ලැබුණු තේ කෝප්පය කාරුණිකව ප‍්‍රතික්ෂේප කළේ තමන් තේ බොන්නේ නැති බව පවසමිනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos