දෙමටගොඩ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ රුපියල් ලක්‍ෂ 50ක් පමණ වටිනා දියමන්ති එබ්බ වූ අත් ඔරලෝසුව සොරාගත් කාන්තාවක අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි.
සැකකාරිය මෙම ව්‍යාපාරිකයා සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර ව්‍යාපාරිකයා ඇගේ නිවසට ගිය අවස්ථාවේ ඇය මෙම ඔරලෝසුව සොරාගෙන ඇති බව ද පොලිසිය පවසයි.
සැකකාරිය සැකපිට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේ දී ඇගේ නිවසේ සඟවා තිබූ ඔරලෝසුව සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.
සැකකාරිය කැරොකේ සමාජ ශාලාවක සේවය කරන්නියක බවත් ව්‍යාපාරිකයා සමග ඇති වූ ආරවුලක් මත ඇය මෙම ඔරලෝසුව සොරාගෙන ඇති බවත් පැවසේ.