-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සුරූපී හින්දි නිළියක්‌ සිය දිවි නසා ගැනීම ගැන හිතන්නටවත් බැරිය. සුරංගනාවියන් වැනි ඔවුන්ටත් ජීවිතය එපා වන්නේද? එහෙත් අද ලෝකයේ සිදු වන්නේ නොසිතූ දේවල්මය. නොපැතූ දේවල්මය. 25 හැවිරිදි බොලිවුඩ් නිළි ජියා ඛාන් සිය නිවසේ එල්ලී සිය දිවි නසාගෙන ඇත. 2007 වසරේ දී අමිතාබ් භච්චන් සමග නිශාබ් නම් හින්දි චිත්‍රපටයේ රඟපෑ මේ නිළිය ඉකුත් සඳුදා රාත්‍රී 11 ත් 11.30 ත් අතර මුම්බායි හි සිය නිවසේදී ගෙල වැලලා ගෙන ඇත. මේ පුවත දැනගත් අමිතාබ් භච්චන් සිය ට්‌විටර් වෙබ් පිටුවේ සඳහන් කර ඇත්තේ "මොනවා ජියා ඛාන්, ඇත්තට මොකක්‌ද වෙලා තියෙන්නේ... විශ්වාස කරන්නත් බැහැ" යනුවෙනි. ජියා මීට සති දෙකකට පමණ පෙර ට්‌විටර් වෙබ් අඩවිය වෙතින් ඉවත්ව ඇත්තේ තමාට විවේකයක්‌ ගත යුතු බවට සටහනක්‌ තබමිනි. මුම්බායි පොලිස්‌ නිලධාරීන් පවසන්නේ ජියාගේ දේහය එල්ලෙමින් තිබෙන අයුරු මුලින්ම දැක ඇත්තේ ඇගේ මව බවයි. මේ සියදිවි නසා ගත් නිළිය අමීර් ඛාන් සමග මෙන්ම ආක්‌ෂේ කුමාර් සමගද රඟපා ඇත. කෙසේ නමුත් ජියා අවසන් වරට රඟපෑ හින්දි චිත්‍රපටය වූයේ 2010 දී තිරගත වූ House full චිත්‍රපටයයි. ඇය රඟපා ඇත්තේ චිත්‍රපට හතරක පමණි.

සුරාජ් පන්චෝලි

මෙම මරණය සම්බන්ධයෙන් හින්දි නළු ආදිත්‍ය පන්චෝලිගේ පුත්‍රයා වන සුරාජ් පන්චෝලිගෙන් පොලිසිය ප්‍රශ්න කර ඇත. ජිආ සිය දිවි නසාගෙන ඇත්තේ රාත්‍රි 11 ත් 11.30 අතරය. ඇය සිය අවසාන දුරකථන ඇමතුම 10.40 ට රැගෙන ඇත්තේ සුරාඡ් වෙතය. ඒ අනුව සුරාඡ් තම දෙමාපියන් සමග මුම්බායිහි ජුහු පොලිස්‌ ස්‌ථානය වෙත ගොස්‌ කටඋත්තරයක්‌ දී ඇත. ජියාගේ මව වන රාජියා ඛාන් පවසා ඇත්තේ සිය දියණිය තමාගේ නිළි ජීවිතය ගැන කලකිරීමෙන් සිටි බවයි. 

පොලිසිය ජියාගේ සේවිකාවගෙන් නිවසේ මුරකරුවාගෙන්ද මේ ගැන ප්‍රශ්න කර ඇත. පශ්චාත් මරණ පරීක්‌ෂණයෙන්ද හෙළිවී ඇත්තේ මේ නිළියගේ මරණයට හේතුව ගෙල වැලලා ගැනීම බවය. මේ නිළියගේ ඇත්ත නාමය වන්නේ නµsයා ඛාන්ය. 1988 පෙබරවාරි 20 වැනිදා නිව්යෝර්ක්‌ නගරයේ දී උපන් ඇය හැදී වැඩුණේ ලන්ඩනයේය. ඇය බ්‍රිතාන්‍ය පුරවැසිකම් ඇති ඉන්දියානුවෙකි. ඇය "ජියා ඛාන්" ලෙස නම වෙනස්‌ කර ගත්තේ සිය මුල්ම චිත්‍රපටය වූ Nishabd හි රඟපෑම සඳහා ය. ජියාගේ පියා අලි රිස්‌වි ඛාන් ඉන්දියානු සම්භවයක්‌ ඇති ඇමරිකානුවෙකි. ලන්ඩනයේ හැදී වැඩුණු මැය මුම්බායි හි පදිංචියට පැමිණියේ තම නිළි දිවිය වඩා සාර්ථක කර ගැනීම සඳහාය. ඇය 1998 දී ළමා නිළියක්‌ වශයෙන් දිල්සේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක්‌ වන මේග්නාගේ ළමා චරිතයට පණ පෙව්වාය. ජියා සිය දිවි නසා ගත්තේ ඇගේ පෞද්ගලික ප්‍රශ්න නිසා ඇතිවූ මානසික පීඩාවට බව සමහර ඉන්දියානු මාධ්‍ය කියයි. නමුත් මේ ගැන නිශ්චිත තොරතුරක්‌ දැන ගැනීමට නොහැක්‌කේ ඇය සිය දිවි නසා ගැනීමට පෙර කිසිම ලිපියක්‌ ලියා තබා නැති බැවිනි. කවරක්‌ නමුත් ටයිම්ස්‌ ඔµa ඉන්දියා පුවත්පත වාර්තා කර තිබුණේ සුරාජ් පන්චෝලි සමග තිබූ ආදර සම්බන්ධය බිඳ වැටීම මෙම සිය දිවි නසා ගැනීමට එක්‌ හේතුවක්‌ වී ඇති බවය. ජියා සිය දිවි නසා ගැනීමට පෙර සුරාජ්ට යෑවූ කෙටි පණිවිඩ මගින් ප්‍රශ්න කර ඇත්තේ ඔහු වෙනත් අයෙකු හා සම්බන්ධයක්‌ ගොඩනඟාගෙනද යන්න පිළිබඳවය. ඇය සුරාඡ්ට සිය අවසන් දුරකථන ඇමතුම ලබාගෙන ඇත්තේ 10.53 ට වන අතර මේ දෙදෙනා අතර විනාඩි දෙකක සංවාදයක්‌ සිදුව ඇත. සුරූපී හින්දි නිළියටත් ජීවිතය එපාවීම තුළින් ලෝකය යනු කෙතරම් මායාවක්‌ද යන්න පැහැදිලි වේ. 

වරදත්ත අකලංක

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos