-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තලාහේන අරලිය පෙදෙසේ කල්වාරි දේවස්‌ථානයට පහරදී අලාභ හානි කිරීමේ සිද්ධියට අදාළව බොදු බල සේනාවේ කැඳවුම්කරු ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඇතුළු 13 දෙනකුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා හමුවේ විභාග කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ තීරණය කර තිබෙනවා.

අධි චෝදනා 11 ක්‌ යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ චෝදනාවන්ට තමන් නිවැරැදි කරුවන් බවට විත්ති කරුවන් ප්‍රකාශ කිරීමෙන් පසු නඩුව විභාගයට ගන්නා ලෙස නියම කළ විනිසුරුවරයා පැමිණිල්ලේ පළමු සාක්‍ෂිකාර දේවස්‌ථානයේ දේවගැති රොෂාන් ඇන්ඩර්සන් මහතාගෙන් සාක්‍ෂි මෙහෙයවීමට අවසර ලබා දුන්නා.


2008 ජුලි 07 වැනිදා මෙම සිදුවීම සිදුව ඇති අතර ලැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන සිඞ්නි රොෂාන් නම් එම දේවස්ථානයේ දේවගැතිවරයා සාක්ෂි දෙමින් කියා සිටියේ තමන් එදින පූජාව පවත්වමින් සිටියදී පූජ්‍ය ඥාණසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් පැමිණ පූජාව නවත්වන ලෙස තර්ජනය කළ බවත් පසුව දේවගැතිවරයා කවුරුන්ද යන්න විමසා අසභ්‍ය වචනයෙන් බැණ වැදී උදරය ප‍්‍රදේශයට පහරදුන් බවත්ය.

මෙහි චෝදනා ලැබ සිටින විත්තිකරුවන් වන්නේ එස්‌. ඒ. අතුල සෙනෙවිරත්න, ඩබ්ලිව්. එම්. සුදුබණ්‌ඩා, එම්. තමරා බියටි්‍රස්‌, ඒ. කේ. ඩෙන්සිල් ප්‍රේමකුමාර, ඩී. එස්‌. පී. කඳනආරච්චි, ටී. කේ. සෝමදාස, ඊ. එම්. වික්‌ටර් රත්නායක, කේ. ඩබ්ලිව්. කරුණානන්ද, ඊ. එම්. එච්. රත්නායක, අත්තරගම ඥනවිමල හිමි, ගලගොඩඅත්තේ ඥනසාර හිමි, අගුල්ගල්ලේ ජිනානන්ද හිමි සහ ධනුෂ්ක සංජීව යන අයයි.

2008 ජුලි 07 දා තලාහේන අරලිය පෙදෙසේ පිහිටි කල්වාරි දේවස්‌ථානයට පහරදී දේපළකට අනර්ථ සිදුකිරීම, එහි පදිංචිව සිටි පුද්ගලයන් තිදෙනකුට පහරදී තුවාල සිදු කිරීම සහ ඔවුන් සතුව තිබූ රුපියල් පහළොස්‌ දහසක්‌ වටිනා ජංගම දුරකථනයක්‌ හා රුපියල් පනස්‌ දහසක්‌ වටිනා රත්‍රන් මාලයක්‌ කොල්ල කෑම ආදී චෝදනා 11 ක්‌ යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙහි නඩු විභාගය පැවැත්වේ. මෙම නඩුව යළිත් ජුලි 11 වැනිදා කැඳවීමට නියමිතය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos