කැලණිය ප‍්‍රදේශයේ වෛද්‍යවරියක් සුපිරි වෙළෙදසැලකින් රුපියක් 950ක් වටිනා සොසේජස් පැකට්ටුවක් සොරාගෙන යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් බව කඩවත පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැළණිය ප‍්‍රදේශයේ පදිංචි රජයේ රෝහලක සේවය කරන 47 හැවිරිදි වෛද්‍යවරියකි.
කඩවත ප‍්‍රදේශයේ සුපිරි වෙළෙද සැලකට ගොස් භාණ්ඩ ගන්නා අතර සොසේජස් පැකට්ටුව තම හැට්ටය අස්සේ සගවාගෙන යද්දී වෙළෙදසැල් සේවකයින් විසින් වෛද්‍යවරිය අල්ලා පොලීසියට බාරදී ඇත.
සැකකාර වෛද්‍යවරියගේ සැමියා මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙකු බවද පරීක්ෂණවලින් අණාවරණය වී ඇත.
සැකකාරිය මහර මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදාහරිමින් නඩුව ජූනි 5 දින කැදවීමට නියෝග කළාය.