-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බසයෙන් ඇද දැමු තරුණිය රෝහලට ගෙන යන කොට හදිසි අනතුරු කාර්ය මණ්ඩලය මෙගා නාට්‍යයක් බලනවා. ලේ වමනය කර කර සිටි රෝගීයා ගැන බලන්න ඔවුන්ට සිහියක් තිබුණේ නැහැ

පසුගිය 28 වැනිදා රාත්‍රියේ හදිසි අනතුරකට ලක්වූ තරුණියක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට රැගෙන ගොස් තිඛෙනවා. ලේ වමනය කරමින් සිටි මෙම තරුණියව හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කිරීමට රැගෙන ගියත් එම අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය මෙගා ටෙලි නාට්‍යයක් නරඹමින් සිටි බවත් රෝහලට ගෙන ආ බරපතල තුවාල ලත් රෝගියා පිළිබඳ කිසිදු තැකීමක් කර නොමැති බවත් රෝගියා ඇතුළත් කිරීමට ගිය සෙලීනා පීරිස් නම් කාන්තාවක් එම අවස්ථාව ඡායාරූපගත කොට සිය ෆෙස් බුක් පිටුවට එක් කරමින් පවසා ඇත.
ඇය මෙම අවස්ථාව සිය වචනයෙන් විස්තර කර තිබුනේ මෙසේය....
—පසුගිය 28 වනදා රාත්‍රියේ මම තවත් මිතුරකුද සමග කිරුළපන ප්‍රදේශයෙන් මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී තරුණියක් බස් රථයකින් එළියට ඇද දමනු දුටුවා. පසුව මම මිතුරාද සමග මෙම තරුණිය රැගෙන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ගෙනගියා. මෙම තුවාල ලත් තරුණිය ප්‍රතිකාර සදහා වාට්ටුව තුලට ගෙනයාමට ගිලන් ඇදක් සොයාගැනීමට උත්සහ කල නමුත් ඒ අවස්ථාවේ හදිසි අනතුරු ඒකකයේ සියලු දෙනා රූපවාහිනිය නරඹමින් හිටියේ. කිසිවෙක් ගිලන් ඇදක් රැගෙන රෝගියා ගෙනයාමට හෝ රෝගියාට ප්‍රතිකාර කිරීමට යුහුසුළු වුනේ නෑ.
මේ මොහොතේ රෝගී කාන්තාව ලේ වමනය කරමින් හිටියේ අපි කෑ ගසා උදව් ඉල්ලුවත් කිසිවෙක් රූපවාහිනියෙන් දෑස් ඉවතට ගැනීමටවත් ඉදිරිපත් වුනේ නෑ. ඒ අවස්ථාව සනාථ කිරීමට මා ජංගම දුරකථනයෙන් ඡායාරූප කිහිපයක් ලබාගත්තා. ඒත් රෝහල් කාර්ය මණ්ඩලයට ඒ ගැන ගාණක් තිබුනේ නෑ. පසුව අපි වෛද්‍යවරයෙකු පිලිබදව විපරම් කලා. එත් සොයාගැනීමට නොහැකි වු අතර පසුව පැය දෙකකට පමණ පසුව තමයි අපිට මෙම බරපතල තුවාල ලත් කාන්තාව රෝහල් ගත කිරීමට හැකිවුනේ˜
මෙසේ පහරකෑමට ලක්ව බස්රථයෙන් එළියට ඇද දමා ඇත්තේ නාවලපිටිය රෝහලේ පුහුණුවන හෙද නිලධාරිනියක් බව පසුව අනාවරණය වී ඇත. ඇය තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තවමත් ඇය ලේ වමනය කරමින් සිටින බවත් වාර්තාවේ. මේ වන විට මෙම සිද්ධියට සම්බන්ධ බස් රථ රියදුරා අත් අඩංගුවේ පසුවෙයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos