-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


උපකරණවල සහ ප්‍රවේශවීමේ මිල අඩුවීම නිසා ශ්‍රී ලංකාව තුළ පාරිභෝගික භාණ්ඩ තොරතුරු අන්තර් ජාලයෙන් සෙවීම අති විශාල ලෙස වැඩිවී තිබෙන බවත් එයින් මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති වෙමින් තිබෙන බවත් ගූගල් සමාගමේ ඉහළ නිළධාරියෙකු කියයි.

ලංකා බිස්නස් රිපෝර්ට් සහ ලංකා බිස්නස් ඔන් ලයින් විසින් කොළඹදී අති සාර්ථක ලෙස පැවැත්වූ Building Resilient Brands නැමති ඉහළ පෙළේ ප්‍රධාන විධායක නිළධාරීන් සහභාගී වූ ව්‍යාපාරික සමුළුවේදී අදහස් දක්වමින් ගූගල් සමාගමේ ආයතනික ව්‍යාපාරික සහ අලෙවි සංවර්ධන කටයුතු පිළිබඳ කළාපීය කළමනාකරු, ආනන්ද් තිලක් මහතා මෙම කරුණු අනාවරණය කළේය.

ඔහු මෙහිදී පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව තුළ අන්තර් ජාලය ඔස්සේ සියළුම අංශවල සෙවීමේ ප්‍රවණතා වාර 12 ක මට්ටමේ සිට 25 ක් දක්වා මේ වනවිට වර්ධනය වී තිබෙන බවයි.
වසර දහයක් තුළදී ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ජනතාව ලබාගත් තොරතුරු ප්‍රමාණයට සමාන තොරතුරු වර්ධනයක් පසුගිය වසර දෙක තුළදී සිදුව තිබෙන බව තිලක් මහතා පෙන්වා දුන් අතර විශේෂයෙන්ම නැගී එන වෙළඳ පොළවල ලැප්ටොප්, ජංගම දුරකතන, අන්තර් ජාල සම්බන්ධතාවල මිල අඩුවීම මෙම වර්ධනයට හේතුවක් වූ බව කීය.

“ශ්‍රී ලංකාව තුළ යූ ටියුබ් වීඩියෝ නැරඹීම විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බව අපි දකිනවා. පසුගිය වසර දෙක තුළදී යූ ටියුබ් නැරඹීමේ කාලය හතර ගුණයකින් පමණ ලංකාව තුළ වැඩිවී තිබෙනවා. මෙය ශ්‍රී ලාංකිකයින් ඩිජිටල් මාධ්‍ය අති විශාල ලෙස පරිහරණය කිරීමක්.“

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මිනිසුන් අන්තර් ජාලය පරිහරණය කරනවා පමණක් නොව සමහරුන් එයට ඇබ්බැහි වී සිටින බවත් ඔවුන් නින්දට යන්නේද ජංගම දුරකතන ළඟ තබාගෙන බවයි.

මෙම සමුළුවේදී අදහස් දක්වමින් ගූගල් ආසියා පැසිෆික් කළාපයේ ශ්‍රී ලංකා නේවාසික උපදේශක, රොහාන් ජයවීර මහතා පැවසුවේ මුළු ආසියාව පුරාම රූපවාහිනී වැනි සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතයන් වේගයෙන් අභාවයට යමින් තිබෙන බවත් ජනතාව අන්තර් ජාලය ඔස්සේ මාධ්‍ය භාවිතා කිරීමට වේගයෙන් යොමුවී තිබෙන බවයි.

සිංගප්පූරුව වැනි රටවල් අත්හැර ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය වැනි රටවල් ගත්විට ඒවායින් සියයට 40 ක් පමණම මාධ්‍ය භාවිතා කරන්නේ අන්තර් ජාලය ඔස්සේ බව හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.
කෙසේවෙතත්, ශ්‍රී ලංකාව තුළ තවමත් ඩිජිටල් අංශයේ වෙළඳ දැන්වීම්කරණය සියයට 01 ක් තරම් කුඩා ප්‍රමාණයක් බවත් ඔහු සඳහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos